Friday, July 27, 2012

වැඩ කෑල්ලෙන් වැඩක් නැත

Unknown Number Calling....

හෙලෝ...

.....

හෙලෝ කව්ද කතාකරන්නෙ?

ඔයා කොට්ටාවෙද?

නෑ වැරදීමක් වෙලා

එහෙනම් කොහෙද ඔයා?

මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.

ඔයා කොහෙද කියන්නකො

කතාකරන්න ඕනි කෙනාගේ නම කියන්න කරුණාකරල. මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.

නෑ ඔයාටයි කතාකරන්නෝනි.

මාව දන්නවද? තමුන් කව්ද?

දන්නෑ දැනගන්න ආසයි.

(හිතෙන්...) හිටපන් උඹට දනවන්න මං කව්ද කියල මේක කට් කරල.
Received calls > Unknown Number > Set as rejected.
හොඳ වැඩේ. ආව මෙතන මාව දැනගන්න. හොඳ වෙලාවට ෆෝන් එකේ ඒ වැඩකෑල්ල තිබ්බෙ.
ම්... ආයෙත් Unknown Number එකක්.
හෙලෝ...

හෙලෝ මං මේ වෙන නම්බරේකින් ගන්නෙ අරක වැඩකරන්නැහැනෙ. ඉතිං කියන්නකො ඔයා කොහෙද?

ෂික්!

ලියා එව්වේ - මගේ ජීවිතය

12 comments:

  1. කතාකරලා බලන්න එපැයි කෝකටත් ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඔයතරමින්වත් කතා කළේ.
      ඇහුවට කිව්වෙ නැති වුණාමයි ආයෙ මං කවුද අහද්දියිනෙ කේන්ති යන්නෙ :-D

      Delete
  2. ආහ්! Unknown Number නෙද? මං දන්නවා එයාව. එයාගෙන් මටත් කෝල් එනවා. හැබැයි මගේ සංවාදේ ඔච්චර දුරදිග යන්නෑ. එහා පැත්තෙන් මොනවා කිව්වත් එක පාරක් "ඔයා අරන් තියෙන්නේ වැරදි නොම්මරේකට" කියලා කට් කරලා දානවා! :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පූසා. අන්තිමේ කරන්නෙ ඒක තමයි :-D

      Delete
  3. ඉතින් කවුද කතා කලේ...

    ReplyDelete
    Replies
    1. මාව දන්නැහැ කීව නිසා මටත් දැනගන්න ඕනි වුණේ නෑ :-D

      Delete
  4. ඔය වැඩ කෑල්ල ඩිස්පෝසබල් නෑ නේද? නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්නේ... ඔන නං කෝල් එක අරගෙන ෆෝන් එක පැත්තකට කරල තිබ්බනං එයා තනියම කතා කරයි :P

    ReplyDelete
    Replies
    1. ඒත් කී සැරයක් කියල එන එන unknown numbers රිජෙක්ට් කරන්නද?
      ෆෝන් බුක් එක ඒවයින් පිරෙයිනෙ :-D
      ආන්න එහෙම තනියම කතාකරන්නනම් දීලා තියෙනවා :-D

      Delete
  5. බය නැතුව ඊලඟ දවසෙ ඇහුවම කියපං මම ස්කයි ද මෑන්. ඉන්නෙ හඳේ. පස් බිස්නස් තමා කරන්නෙ. විනෝදාංශ වලවල් වල බැසීම.

    …එහෙම නැත්නම් කියහං මම රොබින්. ඉන්නෙ ෂර්වුඩ් වල. ගිස්බන්ට මුවෝ සප්ලයි කරන එක තමා ජීවිකාව. විනෝදාංශ ඉතින් මැරියන් එක්ක තමයි.

    …කියන්නද දේවල් නැත්තෙ... ඌ බිල ගෙවනම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවනම් හොඳයි තමයි. ඒත් දැන් වෙලාවක්නෙ නැත්තෙ :-D

      Delete
  6. මමත් හොඳ වැඩක් කරා ඔය ඇනයක් වෙන unknown numbers වලට ... දැම්ම site එකක ad එකක් ඒ number එක දාල :) හැබැයි ඉතින් හොඳ ad එකක් නෙමෙයි දැම්මේ ;)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...