Monday, July 23, 2012

සෙනෙහෙ බර අයියණ්ඩි


"මගේ නංගීට රස්සාවක් ලැබුණා. ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්වත් නෑ නෝනාගේ පරණ අඳින්න පුලුවන් ඇඳුමකුයි සෙරෙප්පු ජෝඩුවකුයි තියෙනවා නම් මට දෙන්න, පිං සිද්ද වෙයි." හරිම දුක් මුසු ලීලාවෙන් ඔහු කියවගෙන ගියා.

 පරණ අඳින්න පුලුවන් ඇඳුම් ටිකක් මං ඔහු අතට දුන්නා.

නෝනා මට ගෙදර යන්න කීයක්වත් නෑ. කීයක් හරි දෙන්න පුලුවන්ද?"

"මගේ ළඟ දෙදාහේ කොළයක් තියෙන්නේ මාරු සල්ලි නෑනේ. මාරු කරලා ගෙනත් දෙනවා නම් මං දෙන්නම්."

දෙන්න  මං මාරු කරලා ගෙනත් දෙන්නම්. දැං කාලේ  ඉන්න හොරු නිසා අපි වගේ දුප්පත් අහිංසක මනුස්සයෙක්ටවත් මිනිස්සු කිසි දෙයක් දෙන්නේ නෑ.

ඔහු ඉවත් වීමට පෙර මෙසේද කීවේය.

"නෝනා, මං ගියාට පස්සේ දැන ගනීවී මං කවුද කියලා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

4 comments:

  1. එන්නේ කොහෙද ඌ හොරෙක් නෙව !

    ReplyDelete
  2. රු. දෙදාහා අරගෙන මාරු වෙන්න නේද හැදුවේ... ගෙදර කවුරුත් නෑ ගිහින් සාලෙන් වාඩිවෙලා ඉන්න... මම දෙදාහා මාරුකරගෙන එන්නම්...

    අපරාදේ එහෙම කරන්නයි තිබුණේ :P

    ReplyDelete
  3. මේකටනං මේක හරියට හරි යනවා...

    හයියෝ සල්ලි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...