Friday, May 4, 2012

HTML ජීවිත

කව්දෝ කියල තියනවලු ජීවිතේ ගංගාවක් වගේ කියල, වෙලාවකට නිදහසේ ඔහේ ගලන තවත් වෙලාවක චණ්ඩ දිය රැලි නගන තවත් වෙලාවක කදුපල්ලම් වලින් සුන්දර දියඇලි මවන....
රෙද්ද තමයි...

එහෙම ජීවිත කොහෙද තියෙන්නෙ..? නැගිටපු වෙලාවෙ ඉදන් මොකක්ද එක කැඩිච්ච කඩියා වගේ එහෙ මෙහෙ දුවන, Lectures, Tutorial, Practical  වලින් දවස ඔහේ ගෙවාදමන ගංගාවල් තියෙන්නෙ මොන ලෝකෙද? මම කියන්නෙ ජීවිතේ HTML පිටුවක්,
 
ටැග් එකකින් පටන්ගෙන ඒකෙන්ම ඉවර වෙනකං තමයි සේරම නාඩගං. උදේ පාන්දරම <gm> එකෙන් පටන් ගෙන අතේ ඇගිලි කොර වෙනකං මැසේජ් කොටල අන්තිමට <gn> කොටල අහවර වෙනව. ඒත් මදි උනොත් මැදට tc sd bs කෑලිත් ඔබන්න පුලුවන්...! ආයෙ ඊලග දවසෙත් ඕකම තමයි. ඔන්න ජීවිතේ..!!!
 
ලියා එව්වේ - බූටා

6 comments:

  1. ඕක වෙබ් ඩිසයිනින් කරන උදවිය තමා හොඳටම දන්නෙ :)

    ReplyDelete
  2. ඔය බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩි කරල ඕපන් කලාම තමයි ජීවිතේ බුදු අප්පේ කියල හිතෙන්නේ...

    ReplyDelete
  3. අපෙත් ජීවිතේට තව ටැග් එකතු වෙලා තියෙනවා.

    ReplyDelete
  4. අඩු වැඩි වශයෙන් අපි ඔක්කොමලගෙ ජීවිත් ඔහොම තමයි..!!!

    ReplyDelete
  5. මරු!! හැමදාම එකම ටැග්ස් ටික.. නියම පෝස්ට් එකක්.

    ReplyDelete
  6. හ්ම්....... 21 වන සියවසේ average life එක.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...