Wednesday, May 9, 2012

වෙජිටේරියන්

ආයතනයේ සේවයට අලුතෙන් පැමිණි තිමිර දහවල් ආහාරය ගැනීම සඳහා ලන්ච් රූම් එක වෙත පිය මැන්නේ ආයතනයේ තිබෙන නීති රීති පිළිබද උදුලගෙන් විස්තර දැන ගන්නා ගමන්මයි.

.........................................................

"මචන් තිමිර උඹට චිකන් කෑල්ලක් දාන්නද?"

"එපා මචන් තැන්ක්ස්... මං වෙජිටේරියන්"

"සිරාවටම උඹ මස් කන්නේ නැද්ද?"

"නෑ බං උදුල මම මස් කන්නේ නෑ"

"ඇයි බං මස් කන්නේ නැත්තේ?"

"මස් කන එක පව් බං"

"අපි මස් කන්නේ මරල නෙමෙයිනේ, මිනිස්සු සත්තු මරණ හින්දනේ බං"

"අපි මස් කෑවේ නැත්තම් සත්තු මැරෙන්නෙත් නෑ නේද මචන් උදුල?"

උදුල තමන්ගේ කෑම පංගුවේ ඇති කොස් ව්‍යංජනයෙන් බිඳක් තිමිරගේ බත් එකට දමමින්...

"අහ්... උඹ බිත්තර කනවද? බිත්තර කන එක පව් නැද්ද බං?"



ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com)

26 comments:

  1. මේ කන හින්දනේ මරන්නේ කියන්නේ ඉල්ලුම - සැපයුම කියන ආර්ථික විද්‍යා න්‍යාය. ඒකට පින් පව් සම්බන්දයක් නෑ. සතා මැරීමට තමන්ගේ දායකත්වයක් නැත්නම් කොහොමද පවක් සිද්ද වෙන්නේ ? බුදු රජානන් වහන්සේ වක්‍රව දායක වෙන ආකාරය කොහේවත් සඳහන් කරලා නැහැ.

    ReplyDelete
    Replies
    1. Evidda Paya

      You are absolutely correct. vegetarians are mystified with this "argument". It is only an argument, not the doctrine.

      Asoka

      Delete
    2. බුදුහාමුදුරුවො කියල තියන විදියට (ප්‍රාණඝාතම නොවුනත්) තමා වෙනුවෙන් මරණලද සත්වයෙකුගේ මස් අනුභවය අකුසලයක්. මස්කඩේ තියෙන්නෙ අපි වෙනුවෙන් මරපුව. යම් අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි මුළුමනින්ම ප්‍රාණඝාත අකුසලය නෙවේ.

      Delete
    3. @ ඇවිද්ද පය...
      එතනදි ඔබතුමායට වැරදුනා ටිකක් මං හිතන්නේ.මගේ දැනුමේ හැටියට මැරිම,උපදෙස් දීම,අනුබල දීම ඔක්කොම පව්.

      Delete
  2. වෙන සතෙක් හරි, පිටසක්වල ජීවියෙක් හරි අපිව මරන් කන්න විකිණුව නම් ඔන්න එතකොට තමා පොරවල් වලට බණ මතක වෙන්නෙ.

    ReplyDelete
  3. බුදු හාමුදුරුවොත් ත්‍රීකොටික පාරිශුද්ධ මාංශය අනුමත කලා...... එ එ සත්වයින් මරනයට පත්වන්නෙ කර්ම අනුව වේ, වෙළඳ සල් වල ඇති මස් යනු එම සත්වයා ප්‍රානය නිරුද්ධ වු මොහොතෙ පටන් දිරා පත්වන පඨවි ඪාතුවක් පමනි... අප එම මස් මිලදී ගන්නකොට එමසතා මියගිහින් පැය කිපයක් හො දවස් ගනනක් ගෙවිගොසින්....

    ReplyDelete
    Replies
    1. ත්‍රීකොටික පාරිශුද්ධ මාංශය කියල කියන්නෙ මේව,
      1.තමා උදෙසා මරණ ලදැයි නුදුටු
      2.තමා වෙනුවෙන් මරණ ලදැ’යි නොඇසූ,
      3.තමාවෙනුවෙන් මැරූ බවට සැකයක් නැති මාංස.

      එතකොට කඩේ තියන මස්, "මස් කන එවුන් වෙනුවෙන්" මරපුව මිසක් වෙන මොනවද? කඩේ මස් කෑවම පවු තමයි.

      Delete
    2. එතනදි තමා කියන කෙනා පැහැදිලිව specify විය යුතුයි රාජ් සහෝදරයා. අනික දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුන් නිර්මාංශ විය යුතු යැයි පැවසූ විට බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය මතකයි නෙව.

      Delete
    3. දෙවදත්ත හාමුදුරුවො ගැහුවෙ තුරුම්පුවක් කියන එක පැහැදිලියිනේ. එතනදි බුදුහාමුදුරුවො කියන්න ඇත්තෙ අර කාරණා වලට යටත්ව තමයි. ඒකෙ විවාදයක් නෑ.

      තමා කවුද කියන කාරණාව නම් වාද විවාද කරන්න පුළුවන්. එක එක්කෙනාට එක එක විදියට අර්ථ දක්වන්නත් පුළුවන්. නිකමට හිතල බලන්න මේක. මම හම්බන්තොට ජීවත්වෙන්නෙ.ඔන්න මම එනව හදිස්සියෙ කොළඹ. ඇවිල්ල කඩේකින් මස් කනව. ඒ මස් මම වෙනුවෙන් නෙවෙයි කියන තර්කයයි ඔයා ගේන්නෙ. ඒත් මගේ අදහස නම් අපි කොතනින් මස් කෑවත් අර කොන්දේසිය යටතේ පවු සිදුවෙනව කියන එකයි. එහෙම නොවෙන්නෙ අර කාරණා තුනට ගැනෙන ඒව සම්බන්ධව විතරයි.

      Delete
  4. හාක භක්ෂක වීම පිනක් කියන්නේ කවුද ? ජිවිත කාලේ පුරාම උපන් තැනම ගෙවලා මරිලා යන තමාගේ ප්‍රජනක කාර්යට සහය දෙන සගයා ළගට නිකමටවත් යන්න බැරිව ඒකත් තව කාගේ හරි පිහිටෙන් කරගන්න, දුක් විදලා විදලා හදන මල් නොදන් කෙනෙකුගේ පුජාසන වල පරවෙලා යන, හදන ගෙඩි ටික ඒ හදපු කාර්යය නොකර යවන අයගේ උවමනාවන් වෙනුවෙන් නාස්ති වෙන එක පින් කියන්නේ කොහොමද? බඩගින්නයි පව් පිනුයි පටලවා ගන්න එක වැරදියි
    පියුමි මධුෂානි

    ReplyDelete
  5. ඔය බඩගින්නයි පව් පිනුයි පටලවා ගන්න එක ලොකු වැරද්දක් මට හිතෙන්නේ. ජීවිනත්ටම මස් නොකාපු කෙනෙක් පිනක් නෙවේ මස් කාපු තරම් ම පාපයක් කරනවානේ.. ඇයි හිතෙන්නේ නැත්තේ ගහක මලක් කොලයක් අලයක් කියන්නේත් ඒ ගහේ මස් මාංෂ තමා. සතෙක් වගේ නෙවේ ගහකට ජීවිතේ පුරාම ඉන්න වෙන්නේ එකම තැන තමංව කපලා දාන්න මිනිහා එනකොට එයාට බෑ පැනලා යන්න. දහ දුක් විදලා හදපු මල නොදන්නා කෙනෙකුගේ පුජාසනයක පර කරන කොට (අපේ දෙයියෝ ගහට දෙයියෝ නෙවේ නේ.) ඒක පිනක් ද? හරියට එළදෙනගේ කිරි එරෙන්නේ අපිට නෙවේ උගේ පැටියට වගේ ම ගහක අලයක් ගෙඩියක් හදන්නේ ඒ ගහේ උමනවට මිසක් අපිට කන්න ද? ඒක පටලවා ගන්න හොද නෑ. එහෙම ඉදලා සත්ව හෝ ශාක ආහාර නොගෙන අපි මලොත් ඔය පව් පිං කියන තැනදි අපි මැරිලා කරලා තියෙන්නේ පවක්.

    මං පියුමි..

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට අනුව ගස්වැල් කියන්නෙ "පන ඇති" ගනයට නොවැටෙන දේ. ගස්වලට පන තියන බව කියන්නෙ ජීව විද්‍යාවේ.ඊට අමතරව ජෛන ආගමෙත් කියවෙන්නෙ එහෙමයි.

      Delete
    2. Check this. You may extract some important facts.

      Click here for the article

      Delete
    3. extracted from the above link:

      දෙව්දත් හාමුදුරුවෝ එක තැනකදී අහනවා භික්ෂූන් වහන්සේ සෑම කාලයේදීම නිර්මාංශ විය යුතු බව. නමුත් බුදුරාජානන් වහන්සේ ඒක පිළිගත්තේ නෑ නේද ?

      ඔව් .දෙව්දත් කියන්නේ ශාසනය බේද බින්න කරපු කෙනෙක්. දෙව්දත් හාමුදුරුවෝ එහිදී ශාසනය බේදකරන්න කරුණු පහක් ඉදිරිපත් කළා. සංඝයා වහන්සේ නිර්මාංශික විය යුතු බව එයින් එකක්. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මෙය ශාසනය බේදකිරීමට ගෙනා යෝජනාවක් බව.

      ඒ වගේම බුදුරාජණන් වහන්සේගේ එක් අවස්ථාවකදී මස් මාංශ අනුභවයට අවසර දුන්නා. නමුත් ඒ ‘‘ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ’’අනුභවයට පමණයි.

      ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ, යම් සතෙක් මැරුවා කියලා දැක්කෙත් නැති, මැරුවා කියලා ඇහුවෙත් නැති, මැරුවා කියලා හිතන්නත් බැරි මාංශයක්. ඒ කියන්නේ ඉබේ මැරුණ සතෙක්. ඒ මාංශය අනුභව කළාට සතාට හානියක් වෙන්නේ නෑ.

      උන්වහන්සේ ඒ මාංශයට පවා අවසරය දුන්නේ හේතුවක් ඇතිව. ඒ කාලයේ දඩයක්කරුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. ඒ සංඝයා වහන්සේලා පුරුදු වී සිටියේ මස් මාංශ අනුභවයට.

      බුදුරජාණන් වහන්සේ ඔවුනට ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැලදීමට අවසර දුන්නා. එතනදිත් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සහනශීලීත්වය. එදා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට එකඟවුණා නම් මෙකී සංඝයා වහන්සේලාට අසාධාරණයක් වෙන්න තිබුණා.

      Delete
    4. රාජ් දන්නවානේ ‍බුද්ධාගමට හරි ජීව විද්‍යාවට හරි අනුව ශාක කියන්නේ ජීව කොටසක් කියලා. අනෙක ශික්ෂා පදයකුත් තියෙනවානේ ගහක් කොළයක් වත් කඩන්න බැහැ හේතුවක් නැතුව. අනික ආගමෙන් ම හිතනවා නම් ජාතක කතා පොතේ බෝධි සත්ත්ව චරිතය සිංහ වගේ ආත්මයකදී ජිවත් වීම පිණිස දඩයම් කළා. ඒ වගේම නිවර්තන ලෝකේ අපිට සත්තු වගේම ගසුත් තියෙනවා. ශීත රටවල මිනිසුන්ට කාලෙකට ශාකමය ආහාර ගන්න බෑ. හරිත විප්ලවේ වගේ විද්‍යාත්මක කාරණා ටිකක් නොවෙන්න අපිටත් සමහර විට ආහාර වල අඩුව වහ ගන්න දඩයමේ යන්න වෙවි. අනික කදුලැස්ස වගේ ශාකයක් ගැන අදහස මොකද්ද? එයාත් මස් නේ කන්නේ.
      බුදු හාමුදුරැවෝ වෙජිටේරියන් උනාමයි කියමුකෝ.. දැන් අපි වෙජිටේරියන් වෙන්න ම ඕන ද?.. උනා ම සෝවාන් වෙනවද? මස් කෑවට ඕක වෙන්නෙත් නෑ.. වෙජිටෙරියන්ලා ඉක්මනට දිව්‍ය ලෝකේ යන්නෙත් නෑ.. ආගමයි කෑමයි එකට ගන්න බෑ. මාංශ ආහාර පිළිබද ඔය තහනම ඉන්දියාවේ බ්‍රාහ්මණයන් බුදු දහමට එකතු කළාද දන්නේ නෑ..ගෝලීය උනුසුම වගේ දේවල් යකා නටන ලෝකෙක මිනිස්සු තුන් (4-5 ?) වේලට ම ගස් ම කෑවොත් මොනා වෙයි ද? මං කියන්නේ සත්තු ම කාලා ගස් බේරගනිල්ලා කියන මෝඩ තර්කය නෙවේ. අපි කන දේ කලා බොන දේ බීලා අවදියෙන් බුද්ධියෙන් ජිවත් විය යුතුයි. ගහක් උනත් ජිවියෙක් කියලා පිළිගන්න ලෝකෙක අපි මේ කන්නේ ගහේ මස් කියලා හිතලා කෑවොත් අනිවාර්යෙන් ම පවක්. නොහිතා කෑවොත් පව් නැද්ද? නෑ කියලා ඔය නේ බොහෝ අය කියන්නේ. මේක සෙක්කුවක් වගේ ප්‍රශ්නයක්. මේ ගැන ඕනවට වඩා හිතන කෙනෙක් වෙතොත් නොකා මේ ප්‍රශ්නේ විසදගෙනම කන්න ඉන්න.
      මේ කාරණේ තර්ක කළ යුතු දෙයක් නෙවේ. එය ස්වාධිනයි. එහෙත් පාර්ශව දෙකටම ‍ඒ ඒ මතය වෙනුවෙන් හේතුත් තියෙනවා. මං ගැන කිව්වොත් මං වෙජිටේරියනුත් නොවෙයි. වෙජිටේරියන් නොවන්නෙකුත් නොවෙයි. මං මැද මාවතේ කෙනෙකුත් නොවෙයි. උදේට සම්බෝලයි බතුයි කන මං දවල්ට බුරියානි කාලා රැට මුකුත් නොකා ඉන්නවා කියමුකෝ. දැන් මං වේල් තුනේ තුන් දෙනෙකු වෙලානේ. එහෙම කෑවට මට පව් ද කියලා අහන්න මෛත්‍රී බුදුන් බුදු වෙනකල් ඉන්න වෙනවා. එතකන් අම්මා උයලා දෙන දේ කාලා අපහු හැරිලා බලද්දී දුක් වෙන්න සිද්ධ වෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා. ඔය ආහාර මාර්ගය ඔස්සේ බුදු වෙන / රහත් වෙන අය මාර්ග ඵලයක් ලැබුනොත් මේ වගේ තැනක ලියන්න. අපිත් ඒ පාරෙන් එන්නම්.
      මං පියුමි

      Delete
    5. හොඳ වෙලාවට බුද්ධාගමේ ගස් වැල් ‘පණ නැති‘ විධියට සැලකෙන්නේ. නැත්තං කන්ඩ වෙන්නෙ පස් තමයි. ක්ෂුද්‍ර ජීවියො ඉන්න නිසා ඒව කන්නත් බෑ.

      Delete
  6. Check this. You may extract some important facts.

    http://sinhala.srilankamirror.com/2012/05/05/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A-%E0%B6%B8/

    ReplyDelete
  7. කතා බහට ගැලපෙන හොද තේමාවක්..තමන් කරන ක්‍රියාවන්ට බලපානු ලබන්නේ තමගේම හිතයි.හිත මුල් කරගෙන සිදුකරන ක්‍රියාවේ පව හෝ පින බලපානු ලබන බව තමා මගේ විස්වාසය.

    ReplyDelete
  8. පියුම් කියල තියෙන දේට වඩා දෙයක් මට කියන්න නෑ. කෑම බීම කියන දේට ආගම ගෑවෙනකොටම ඒක මාර විහිළුවක් වෙනවා. සමහර විට ආගමෙන් හික්මීමෙ ප්‍රතිඵලයක් විධියට වෙන්න ඇති ඒක එහෙම වෙනව ඇත්තේ. ආගම පැත්තකින් තියල හිතුවොත් අපිට ප්‍රාණය කියන එක නිර්වඩනය කරගන්න එකේදි ගහ කොල කියන දේ අප්‍රාණිකයි කියල සලකන්න බැහැ.

    අපි සේරම ස්වභාවධර්මයෙන් යැපෙනවා. මොන විද්‍යාවෙන් වුණත් ඔය ආහාර දාම ජාල සංකල්ප බොරු කරන්න බැහැ. මොකද ඒව ස්වභාවික විද්‍යාවට අයිති නිසා. ඒ අනුව යැපීම වෙනුවෙන් පහසු දෙයක් කෑමට ගන්න පුළුවන්. ඒක සතෙක්ද ගහක්ද කියන එක අදාල වෙන්නෙ නෑ.

    අපි හිතමු පිටසක්වල ජීවියො ඇවිත් අපට ගේම දුන්න කියල? කරන්න දෙයක් නෑ. ආහාර දාමයෙ පියවරක් පස්සට යනව කියන්නෙ ඇඩ්‍රස් නෑ.

    මේ ගැන වෙන විධියකට කියවෙන මේට්‍රික්ස් චිතපටිය හැමෝම බලල ඇති. තව තියෙනව Fantastic Planet (http://www.imdb.com/title/tt0070544/) කියල එකක්. ඒකෙ තියෙන්නෙත් මිනිස්සුන්ව යටත් කරගෙන ඉන්න ජාතියක් ගැන.

    අපට එහෙම වෙනත් ජාතියක ගොදුරක් වෙන්න වුණොත් පැනල දුවන්න බැරිනම් කරන්න දෙයක් නෑ තමයි :-)

    ReplyDelete
  9. මස් නොකා මාලු කන අපේ බෞද්ධයෝ.... ආච්චිගේ රෙද්ද

    ReplyDelete
  10. මටත් ඔය බලෙන් වෙජිටේරියන් සන්කල්පය පටවන අයයි ඒ ගැන මහ ලොකුවට කියවන අයයි අරහං.
    අපි මස් කන්න ගනිපු හින්දා මිනිසා මේ තරම් බුද්ධිමත් වුනා කියලා මේ ළඟදි රිසර්ච් එකකින් හොයාගෙන. ඒක ඇත්තෙන්ම එහෙමයි කියලා බලද්දි හිතන්නත් පුළුවන්.

    අනික මස් කනවා කියලා බිත්තර කනවා කියලා මාළු කනවා කියලා මහ ලොකුවට අපි වෙජිටේරියන් කියන අය කරවල හාල් මැස්සෝ කනවා.
    ඒත් එළවළු කන්න අයත් ඉන්නවා. කොටින්ම මම නම් මස් මාලු වලට වඩා ආස එළවළු. ඒත් මම වෙජිටේරියන් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය ක්ලික් මහත්තයගෙ 2001 පොතේ තියෙන විධියට මාංශ අනුභවය මිනිස්සු පරිණාමයේ ලොකු පියවරකට උස්සල තියෙනවා. ඒක කතාවක් විතරයි. (ඒක බුද්ධාගම වගේ තියරයිස් නැති නිසා ඒව බොරු කතා) පස්සෙ මිනිස්සු සමාජික වෙද්දි නිපදවෙන දැනුමෙන් තමයි මාංශය/ප්‍රාණය වගේ දේවල්වලට (ඇත්තටම කිව්වොත් හැමදේටම) අර්ථදැක්වීම් එන්නේ. පස්සෙ අපි හිතන්නෙ ඒ අර්ථදැක්වීම් ඔස්සේ මිස අමුවෙන් නෙවෙයිනේ... හැබැයි අපි හැමෙම නිර්මාංශ වුණානම් ඔය කුකුල්ලු, කළුකුමෝ, ඌරො වගේ සත්තුන්ව බලන්න අපට සත්තු වත්තට යන්න සිද්ධ වෙන්න තිබුණා. මොකද සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය නිසාම වඳ නොවී ඉන්න සත්තු කොටසක් ඉන්නවනේ. :-)

      Delete
  11. මම නම් තනිකරම වෙජිටේරියන්. ආයෙ බිත්තර, කරවල, හාල්මැස්සො තියා උම්බලකඩවත් කන්නෙ නෑ. මම අත්දැකපු දෙයක් මේ කියන්නෙ.. ගොඩක් වෙලාවට මම vegi කියල කාට හරි කිව්ව ගමන් ඒ අය මගෙන් අහන්නෙ උඹ බිත්තර කන්නෙත් නැද්ද? කරවල? හාල්මැස්සො? උම්බ්ලකඩ? අඩෝ උඹ නම් සිරා පොරක්... මෙතනදි මම දකින්නෙ තමන් තුල නැති ප්‍රතිපත්තියක් වෙන කෙනෙක් තුල තියනව දැක්කම ගොඩ දෙනෙක් බලන්නෙ ඒ කෙනාවත් මොකක්හරි විදියකින් තමන්ගෙ තත්වෙට ඇදල ගන්න... අරගෙන ඒ ප්‍රතිපත්තිය වැඩක් නෑ කියන්න..

    අනිත් කාරණාව බුද්ධ දේශනාව ගැන.. මස් මාලු කන ගොඩ දෙනෙක් අසරණව එල්ලෙන තැන තමයි දෙව්දත් තෙරුන්ගෙ ඉල්ලීම් පහ... බුදු හාමුදුරුවො ඒව ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක ඒ අය නොදන්නව නෙමෙයි... හැබැයි බුදු හාමුදුරුවො මස් මාලු අනුභවය එපා කියලා නෑ නේද? ඔව්.. තවත් තැනකදි බුදු හාමුදුරුවො වන වාසී භික්ෂූන්ට ගිජු ලිහිනින් බිම හෙලූ ගොදුරු වලින් අහරක් පිස ගැනීම අනුමත කරල තියනවා.. හැබැයි ඒ හැම තැනකදිම ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන සීමාව ‍රැකිලා තියනවා.. බුදු හාමුදුරුවො ආහාරය ගැන දේශනා කරල තියෙන්නෙ 'ආහාර ප්‍රත්‍යවේක්ෂාව' කියලා.. තමන් ගන්න ආහාරයේ අති පිලිකුල් බව මෙනෙහි කරමින් ආහාර ගන්න කියන එක තමයි කියලා තියෙන්නෙ.. නියම ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරන කෙනෙක් තමන්ගෙ ආහාරයෙ රස සංඥාව නොගන්නා බවයි මම නම් හිතන්නෙ.. පිණ්ඩපාතය කරන හිමි නමක් ගැන හිතන්න..

    ඒ තරම් ගැඹුරින් හිතන්න අපිට බැරි හින්දා තමයි මම නම් මස් මාලු කන එක නැවැත්තුවෙ... මේ කාරණාව පිළිගන්න හිත නැමෙන්නෙ නැති මස් මාලු කන කට්ටිය මෙන්න මේ ගැනවත් හිතන්නකො.. කරණීයමෙත්ත සූත්‍රයෙදි 'භූතාවා සම්භවේසීවා' (ඉපදුනු සහ ඉපදෙන්නට සිටින සතුන්) 'සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්ථා' (සියලු දෙනා සුවපත් වෙත්වා) කියලා කියන කටින්ම සතෙකුගේ මස් කන එක මොන වගේ බුද්ධි මට්ටමක් ඇති කෙනෙකුගෙ වැඩක්ද?

    (ප.ලි. අනුන් නිර්මාංශ කිරීමේ උත්සාහය මම අත හැරල ගොඩක් කල්. හැබැයි මස් මාලු නොකා බිත්තර කන තමීරට මම අනිත් අයට වඩා ගරු කරනවා. මේක ලිව්වෙ මස් මාංශ කන අයට අඩු ගනනෙ තමන්ගෙ වරදට බුදු දහම තුල excuses හොයන්න එපා කියන්න. .)

    ReplyDelete
  12. මොනවා උනත් වෙජිටේරියන් වීම හෝ නොවීම පුද්ගලික දෙයක්. කවුරු හරි වෙජිටේරියන් කෙනෙක් කරන්න යන එක හරි, එසේ නොකරන්න යන එක හරි, මෝඩ වැඩක්. කැමති අය කාපුවාවේ. අකමැති අය නිකන් හිටපුවාවේ. කවුරු හරි මම වෙජි කිව්වාම අනිත් අය එකට විරුද්ධ එක එක මත කියන එක වගේම, සමහර වෙජි අය මස් මාළු කන තැනක ඉඳන් පිළිකුල් මුණු හදාගෙන, පිලී ගඳයි අරකයි මේකයි කියන එකත් වැරදියි.

    මස් මාළු කෑමෙන් පවක් සිදු වෙනවා කියලයි මටත් හිතෙන්නේ. හැබැයි මම වෙජිටේරියන් නෙවෙයි. මස් කෑම නම් අතෑරලා ගොඩක් කල්. සමහරු මගෙන් අහනවා මාළු කෑවාම පව් නැද්ද කියල කියල. ඔව් පව් තමයි, ඒත් තමන්ට පුළුවන් සීලයක් රකින්න එපයි. :D
    බිත්තර නම් ෆාම් බිත්තර කියන්නේ සංසේචනය නොවූ ඒවා නිසා ඒවා කිකිළි රැක්කත් පැටව් එන්නේ නැහැනේ. ඉතින් ෆාම් බිත්තර පව් නැහැ තමයි. හැබැයි සත්ව හිංසාව ගැන හිතල free range eggs කන්න පුළුවන් නම් හොඳයි.

    මස් කෑම හෝ නොකෑමෙන් මොලයේ වර්ධනයට බලපෑමක් වේවි කියල හිතන්න අමාරුයි. එහෙමනම් ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශයේ අය පරම්පරා ගානක් අවුරුදු දාස් ගානක් තිස්සේ වෙජිටේරියන් වෙලා ඉන්නේ. ඔය මගේ යාලුවොත් ඉන්නවා. එහෙම වෙනසක් පේන්න නැහැ. හැබැයි ඒ වගේම වෙජිටේරියන් උන පලියට ඒ පුද්ගලයා 'හොඳ' කෙනෙක් කියල කියන්නත් බැහැ.

    ReplyDelete
  13. කොහොමත් මස් මාළු මාලු කෑම පාපයක් තමයි මොකද අවිහිංසාවාදයේ පියා බුදුරජාණන් වහන්සේ මස් මාලු කන කෙනෙක් කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ කරන්න බෑ ඒ නිසා නිර්මාංශික විය යුතුමයි මගේ අදහස නම් එයයි කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ ලෝකෙ කන්න කිසිම දෙයක් ඉතුරු වී නැහැ සතුන් පමණයි ජීවත්ව සිටින්නේ ඔබ අනුභව කරනවා නේද මම දුන්න පිළිතුර තමයි මම කිසිසේත්ම මස් මාළු කන්නෙ නෑ නිර්මාණයකම තමයි මම සත්වයින් sawak නොකර මස් මාලු නොකා මගේ ජීවිතේ මොකා මැරෙනවා ප්‍රශ්න ලෝකේ උත්පත්තිය ලබනවා මගේ විශ්වාසය එයයි ප්‍රතිපත්තිය සහ අධිෂ්ඨානය මූලික විය යුතුයි ඔය දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ සිසිර හෙට්ටිගම පඬුවස්නුවර සිට

    ReplyDelete
  14. මස් මාලු විකුණන්න ම්ලිදීගන්න කන්න ගේන්න මේ සේරම පාපයට ඇතුළත්

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...