Wednesday, May 2, 2012

හිඟන්නෝ

“මහත්තයෝ මට පිලිකාවක්…” බස්‍ රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…

“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…

“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”

මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…

“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”

මම අනුකම්පාවෙන් කියද්දී අසුනින් නැගිටලා රාක්කයෙන් ගමන් මල්ල ගත් ඔහු පළවෙනි වරට කටහඬ අවදි කලා…

“මමත් දන්නවා මල්ලී…”

“එහෙනම් සල්ලි දුන්නේ…???” මට එහෙම අහන්න බැරිවුනේ ඔහු තෙරපෙන සෙනග අතරෙන් සුළඟක් වගේ දොර දෙසට අතුරුදහන් වුණ නිසයි...



ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

7 comments:

  1. ඇත්තටම ඇයි ??

    මමත් ඔය සීන් එක ගැනම පෝස්ට් එකක් දැම්ම විතරයි

    ReplyDelete
    Replies
    1. එකක් කියලා කියන්න බෑ.. සමහරවිට එහාපැත්තේ එකා දුන්න හින්දා වෙන්න පුළුවන් නැත්නම් නිකං හේතුවක් නැතුවත් දෙනවා.. ඉල්ලන හින්දා නොදී බැරිකමටත් දෙනවනේ.. මේක ලියපු කෙනා මොනා ඔළුවේ තියාගෙන ලිවුවද දන්නේ නෑ. ඒක තමා මේ වචන සීයේ තියෙන ගතිය.. හොඳම හරිය තියෙන්නේ වචන සීයෙන් එලියේ.. සිරා සීයක්..

      Delete
  2. ඇත්තටම ඇයි ??

    මමත් ඔය සීන් එක ගැනම පෝස්ට් එකක් දැම්ම විතරයි

    ReplyDelete
  3. මේ ගැන අපේ වෙනි මහත්තයත් කාලෙකට කලින් ලියල තිබුණ වගේ මතකයි. මොනව වුණත් ඒ මනුස්සය නැගිටල ගිය නිසා ෂේප්... එක්කෙනෙක්ට දීල ආතල් එකේ ඉද්දි සමහර දවස්වලට යාදිනි රස්සාව කරන අය තුන් හතර දෙනෙක් සැරින් සැරේට බස් වලට නගිනවනේ...

    ReplyDelete
  4. අර නුදුන්නම දෙන අමුතු බැල්මට අකමැතිවෙලා නොදුන්න කියන වගේ ලාබාල හේතුවක් නිසා නෙමෙයි කියල හිතෙනව .. පුලුවන්නම් යටින්ම දාපන් උබේ හි‍තේ තියන ප්‍රශ්නෙ නැතිවෙල යන්නත්එක්ක

    ReplyDelete
  5. වම් අතින් දෙන දේ දකුණු අත දැනගත යුතු නෑ කියනවනෙව.

    ReplyDelete
  6. මම පුංචි කාලේ ඉඳන් නුවර නුවරඑළියේ හිඟාකන ගෑනු කෙනෙක් ඉන්නවා ඒ මනුස්සයාට එක්කෝ අවුරුදු දෙකට අඩු ළමෙයක් අතේ, එහෙම නැත්නම් ප්‍රෙග්නන්ට්

    හිඟාකන හේතුව මනුස්සයා ගහෙන් වැටිලා...

    අනේ මන්දා.. ඔච්චර ළමයි කාලෙන් කාලෙට කොයින්ද කියලා...

    මේ අවුරුද්දේ දකින ළමයා අනික් අවුරුද්දේ නෑ වෙන ළමයෙක් ඉන්නේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...