Friday, April 20, 2012

ධර්මේට්‍රික්ස්!

මේට්‍රික්ස් චිත්‍රපටියෙ කියවෙන මේට්‍රික්ස් එක මිනිස්සුන්ට පෙන්වන මායාවක්. ඒක ඇතුලෙ මිනිස්සුන්ගෙ සියළු ප්‍රශ්ණ වලට විසඳුම් තියෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කිසිම හැඟිමක් නැතිවම මේට්‍රික්ස් එක ඇතුලෙ පවතින්න පුළුවන්.

ඒක සම්පූර්ණයෙන් ස්වායක්ත පද්ධතියක්! ඒ නිසාම ඒක ඇතුලෙ ඉන්න කෙනෙක්ට ඒකෙ තියෙන ප්‍රශ්ණ තේරෙන්නෙ නෑ. ඒක ප්‍රශ්ණ කරන්න නොතේරෙණ තරමටම මිනිස්සු ඒ මායාවට අහුවෙලා.

ඇත්තටම මිනිස්සු කියන්නෙ යන්ත්‍රවලට බලය සපයන බැටරි කියල එයාල දන්නෙ නෑ.

ඇත්තටම අපි ඉන්නෙ මේට්‍රික්ස් එකක නොවුණට අපේ ජීවිතේ ඇතුලෙ අපි ප්‍රශ්ණ නොකරම ගැට ගැහිල ඉන්න දේවල කොයි තරම්ද?

ජාතිය, ආගම, ආදරය, දේශපාලනය, මතවාද, සමාජය, සම්මතය, පෞද්ගලිකත්වය, විලාසිතා, ස්ටයිල්?

සේරම අපිව මුලා කරගෙන!

ඇත්තට අපි මේට්‍රික්ස් ගොඩක!


ලියා එව්වේ - hare :-)

5 comments:

  1. අපිත් එක්තරා විදිහකට මේට්රික්ස් එකකට අහුවෙලා වගේ තමා ඉන්නෙ. කොහොම හරි බලන්න වටින සුපිරි සංකල්පයක් තියන චිත්‍රපටයක්.

    ReplyDelete
  2. අපි ඉන්නේත් මෙට්‍රික්ස් එකක් ඇතුලේ නෙමෙයි කියලා කොහොමද දන්නේ....

    ReplyDelete
  3. The Best film ever....."Red Pill or the Blue One".....:P

    ReplyDelete
  4. We cannot assure about our appearance. But we are pretty sure that government is the source and we are inside the matrix they control.

    ReplyDelete
  5. ඇනොනිමස් අහල තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් නෑ. මොකද ඒක හරියට හිතන්න හෝ කියන්න බැරි නිසා. ඒ නිසා අපි ඉන්නෙ එහෙම මේට්‍රික්ස් එකක නෙවෙයි කියල හිතන එක ලේසියි. මෙතන කියවෙන්නෙ අපි දැන දැනත් අහුවෙලා ඉන්න මේට්‍රික්ස් ගැන. em කියල තියෙනව වගේ ඕක ආණ්ඩුවට අදාල කරගත්තොත් කතාව සීයට සීයක්ම හරි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...