නිමිත්ත : දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දමයි.
කන්න නැතිව දුප්පත් උන් වේලෙනවා
ලොක්කො එකතුවී සුර සැප වලඳිනවා
සොක්කො සැමට කන බත් පත වරදිනවා
අහෝ අපිත් මේ විදිහට විඳවනවා
එදාවේල කන්නේ හරි අමාරුවෙන්
බස් රථයේ යන්නේ දුක් මහන්සියෙන්
එලවලු අහෝ මේ විදිහට වීසි කරන්
ගොවියන් යන්නෙ සුසුමක් හදවතේ දරන්
තක්කලි මෑකරල් වම්බටු වට්ටක්කා
දඹුලු පොලට ගෙනවිත් ගොයියෝ වික්කා
ලාබ ගන්න බැරි බව දැනගත් අක්කා
පොහොරට දෙන්න ගෙනියනවා බණ්ඩක්කා
ගමේ අපට ඔය කිසිවක් නොදැනේවා
කොස් අල බතල වැඩි වැඩියෙන් වැවේවා
හිතේ දුකට යලි කවි නම් නොලියේවා
මහජන සම්පතක්වත් හෙට ඇදේවා
ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)
"සොක්කො සැමට කන බත් පත වරදිනවා"
ReplyDeleteහැබැයි සෙක්කො නම් 3500/= න් හොදට කනවා.....
හොදට දෙනවා........
මේ ආර්ථික තර්ක නම් දැන් මඤ්ඤං වගේ. වී මිල මදි නිසා ගොවියො අමාරුවේ... වී මිල වැඩි වුණොත් මිනිස්සු කනව ඇමරිකන් පාං. එතකොට වී ගොවියො කියන්නෙ ඇමරිකන් කුමන්ත්‍රණකාර දේශ ද්‍රෝහියෝ...
ReplyDeleteඑළවලුවල කතාවත් ඔයිට දෙවෙනි නැතිව ඇති.
විකාරද රු2500න් ගේමක් නැතුව කන්න බොන්න පුළුවන් තව ඉතුරුත්වෙනවා.
ReplyDelete