Monday, April 16, 2012

ආදරේ බිඳුණාම

වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...

---------------------------------------------

මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?

ඒක නැවැත්තුවා බං.
(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)

එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට.

ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ නැත්තේ? එයාගේ වැරැද්දක් නිසා මම අෆෙයා එක නවත්තපු ඇත්ත. එහෙමයි කියලා මම එයාගේ පෞද්ගලික දේවල් එක එක අයට කිය කියා ගියාම හරිද මචං? තරහා වෙන්න එපා බං උඹ එයාගේ නම්බර් එක එයාගෙන්ම ඉල්ලගනිං.

(ඌ ඕෆ්ලයින් ගියා)



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

6 comments:

  1. එහෙම කියන්න එපා බන් නම්බර් එක දියන්කො... ;)

    ReplyDelete
  2. පූසගේ කුහකකම!!!!!!

    ReplyDelete
  3. එහෙම තමයි වෙන්න ඕන

    ReplyDelete
  4. අන්න එහෙම තමායි ඉන්න ඔනි හොඳ ළමයා

    ආ ළමයෙක් නෙවෙයි නේද...
    පූසෙක් නේද..:D :D

    ReplyDelete
  5. උඹ කියල තියෙන්නෙ තිත තියල කියල මිස නවත්තල කියල නෙවෙයිනෙ නේද? ඒ කියන්නෙ නවත්තල නෑනේ... ඉතිං අරූට නම්බරේ දීල කොහොමද? ;-)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...