Monday, April 2, 2012

ආදරේ හැටි

වෙනද වගේම අදත් ඔයාව හම්බ වෙන්න ආවේ ගොඩක් ආදරේ හිතේ තියාගෙන. තවමත් මගේ කියල අයිතියක් නැති, නමක් නැති, බැඳීමක්, ඔයාට දැනෙන්නේ නැති උනත් ඔයාගේ හිතුවක්කාර කොළු වැඩවලට නොවෙනස්ව ආදරේ කරන නිසාම වෙන්න ඇති මේ තරම් දුක.

වෙනද වගේම මේ ගන්ගරමේ ඒ බංකුව උඩ ඔය උරහිසට ඔලුව තියාගෙන ඔය තොල් වල උණුහුමට නළලත රේඛා මැවෙන මේ සුන්දර ඉර ගිලෙන හැටි ඔහේ බලන ඉන්න අපි වෙනස් නේද? මං තව ටිකක් ළං උනේ ඔයාට ආදරේ කිව්වට තේරෙන්නේ නැති හින්ද.

ඔව් ලස්සන බබාලා වටේම යනවා. ඔයා ඒ දිහා බලනවා දැක්කම මට හිනාත් යනවා. මේ කොල්ල හැදෙන්නේ නැහැ හදන්නත් බැහැ.

මේ ආදරේ හැටි වෙන්න ඇති.

ලියා එව්වේ - අංජු

5 comments:

  1. දැන් ගංගාරාමේ බන්කුව උඩ තොල් වල උණුහුමට නළලත රේඛා මවන්න පුළුවන්ද..? මම අවුරුදු හතරකට විතර කලින් ට්‍රයි කලා බැරිවුණා... සෙක්කෝ ඇහැ දාගෙන ඉන්නේ...

    ReplyDelete
  2. තුඃ නොදකිං.
    බඩත් දඟලනවා මේ ජරාව කියවලා.

    ReplyDelete
  3. කුඩ ඉහලගෙන ඉන්න දෙනවද එතන....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...