Friday, January 6, 2012

හ්ම්ම් ඩවුන් හලෝ :\

හායි !

{ජීවිතේට හායි කියපු නැති කට්ටිය එක පාරටම මොකද?}

හායි !

කොහොමද රිසල්ට්ස්?

{මට හිතුන ඕක අහයි කියල, මුන්ට නැත්තන් මගෙන් මොන වැඩක්ද?}

හ්ම්ම්... ඩවුන් හලෝ :\

ආහ් එහෙමද, ගණන් ගන්න එපා.. ඊලඟ පාර කරල ගොඩ දාගමු....

{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලේ... මමනේ රෑ දෙගොඩහරි යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ඇහැරිල උදේට තේ එක විතරක් බීල ක්ලාස් ගිහින් ඒකෙ ඉඳන් රෑ වෙනකන් ගණන් හැදුවෙ. මම වින්ද දුක මමනෙ දන්නෙ. විභාග කොමසාරිස් ඕනවට එපාවට මාර්ක් කෙරුවට මම මොනව කරන්නද?}

හ්ම්ම්.... ඔව්... ඊලඟ පාර කරනව..

ඕෆ් ලයින්


2 comments:

  1. ඕව ඔහොම තමයි බං... මිනිස්සුන්ට කතා කරන්න දේවලුත් එපැයි :-|

    ReplyDelete
  2. ඒකනම් හැබෑව.. හැබැයි අල්ලන් පට්ට ගහන එක කැතයි නේ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...