Monday, June 2, 2014

එයයි මමයි

දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින් සිටියෙමු.

ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක් තුල හිමිදිරි උදෑසනක කියාය .

මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.

අද කවද්ද?.....
සඳුදා.....
නැහැ....
එහෙනම්....
මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...

ඇගේ මුවේ පැතිරුනු සොඳුරු සිනහ රැල්ල මට මුළු ලෝකයම අමතක කලා.

ඇය දෙසට හැරුනු මම සෙමින් "ඔයා දන්නවද,  ලෝකේ තියෙන වටිනාම වස්තුව දැන් මගේ අතේ තියෙනවා, ජීවිතේ තියෙන තුරාවටම රැක ගන්න"  යැයි පැවසීමි.

ලියා එව්වේ - නිෂාන්

Monday, May 12, 2014

සිංගල් කුඩ යට ඩබල් වෙන හීන


වැස්ස දවස් වලට කොහුවල කලර් ලයිට් හරියට වැඩ නෑ. පාර පනින්න නීත්‍යානුකූලව බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ වගේ ටයිම් වලට ඇන්ටිලාගෙ මූණු ඉස්කෝල ටීචර් ආවෙ නැති පීරියඩ් එකක ඩෙස් උඩ නටන ළමයින්ගෙ මුහුණු තරම් සුන්දරයි. 

මෙහෙම වහිද්දියි ලංකාවේ පිරිමි ජනගහනයෙන් බාගයක් කුඩ පාවිච්චියක් නෑ කියලා පේන්නෙ. කෙල්ලන්ගෙ කුඩ අස්සෙ හිර වෙලා කොල්ලො දුක් විඳිනවා. ඔය අතරෙ ඉතින් පෙම්වතියක් හෙම ඉන්නවා නම්, ඇගේ ලේඩිස් කුඩේ තමන්ගෙ අතට අරන්, බඳ වටේ අතත් දාගෙන වදයක් නැතිව යන්නත් පුළුවන්. 

“වැස්ස වෙලාවට ඔය වෙනදාට බනින ඇන්ටිලා අංකල්ලා වුණත් බලනවා විතරයි. බනින්නෙ නෑ.“ කියලා එහෙම වදෙන් පොරෙන් යන ජෝඩුවක් දැකපු කෙල්ලෙක්, තව කොල්ලෙක්ට කියනවා මට ඇහුණා. ;)
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Monday, May 5, 2014

කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල්


ඒක ලොකු ආයතනයක්. එතැන ඉන්නවා අවුරුදු හැටක විතර නිතර හිනාවෙන සිකිරිටි අංකල් කෙනෙක්. ඊයෙ හවස නිල් පාට සල්වාර් එකක් ඇඳපු අවුරුදු විස්සක විතර හීනැදෑරි ගෑණු ළමයෙක් අංකල්ව පහු කරගෙන යන ගමං එතැන ටිකක් නැවතුණා.
“අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.
“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. 
මම ඔල්මොරොන්දම් වුණා. 
ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්‍රෙලියන් එම්බසිය දෙස ඇහැක්වත් නොහෙලා ඉස්සරහ අතුරු පාරෙන් හැරුණා.
මගේ ලොකු ඇස් දිහා බලලා.“බයවෙන්න එපා මහත්තයා. ඔයාකාරෙ ඇඳුමකින්, ඔය වයසෙ දැරිවියක් වයලින් එකක් උස්සගෙන කවදාවත් එම්බසියක් හොයන්නෙ නෑ.
මේ කලින් හම්බවුණු අය පාර කියලා එවපු විදිහෙ වරද“ කියලා අංකල් තවපාරක් හිනාවුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Monday, March 17, 2014

1000ක් දේවල්

ඔයාව මුලින්ම දැකපු දවසේ,

             මගේ හිතේ 1000ක් සිතුවිලි උපන්නා.

අපි මුලින්ම කතාකරපු දවසේ,

            මම 1000ක් හීන දැක්කා.

ඔයාගෙන් කැමැත්ත අහපු දවසේ,

            ඔයා මට 1000ක් දේවල් කියුවා.

ඔයා මගේ වෙන්න කැමති වුන දවසේ,

           මගේ ඉහේ මල් 1000ක් පිපුනා.

අරූ එක්ක පාක් එකේ ඉන්නවා අහුවුන දවසේ,

            ඔයා 1000ක් නිදහසට කරුණු කියුවා.

මාව අතෑරලා ගිය දවසේ,

            මම ඔයාගෙන් 1000ක් ප්‍රශ්න ඇහුවා.

ඊලග දවසේ,

            හීන 1000ක් බිදුනු නිසා මම හොදටම ඇඩුවා.

අපි ආයෙත් අහම්බෙන් හම්බවුන දවසේ,

        ඔයා 1000ක් දෙවල් කියන්න හැදුවත් මම තඹේකට මායිම් කරේ නෑ.

අද දවසේ,

      ඔයා ගැන 1000ක් දේවල් වචන 100කින් මම කියලා දැම්මා.

                                                                     දෙවියනේ

                                         දහස් වාරයක් පිං                                              මම බේරුනා !!!

 ලියා එව්වේ - දිනූ දිනේෂා

Friday, March 14, 2014

උත්සාහය VS වාසනාව

එකමත් එක රටක හිටපු රජ කෙනෙකුට ඕනේ උනාලු වැඩිපුරම වටින්නෙ උත්සාහවන්තයද, වාසනාවන්තයද හොයාගන්න. ඉතිං කොහොමදෝ ක්‍රමේකට රටේ හිටපු වැඩිපුරම උත්සාහවන්තයයි වාසනාවන්තයයි හොයාගෙන කාමරේක හිරකරලා පොලවේ ටිකක් යටට වෙන්න කැවුම් මල්ලක වල දැම්මලු. ඒ හැම කැවුමෙම බුරියේ මැනිකක් හැංගුවලු. වෙන්න ඕනෙ විදියටම උත්සාහවන්තයා දමාගෙන පොලව හාරලා කැවුම් මල්ල හොයාගෙන වල ඇතුලෙම ඉදගෙන කන්න පටන්ගත්තලු. වාසනාවන්තයා එලියෙ ඉදගෙන අමාරුවෙන් කංකෙදිරි ගාන නිසා උත්සාහවන්තයා එයාට කන්න කැවුමේ බුරිය විතරක් විසි කරාලු. කොහොමහරි දවසකට පස්සෙ රජතුමා එද්දී දෙන්නම පනපිටින්. උත්සාහවන්තයා හොද ෆිට් එකේ ඉන්නවලු, වාසනාවන්තයා ෆිට් එකේ නොවුනත් සතුටින් ඉන්නවලු. රජතුමා එදා ඉදන් හොයනවලු වැඩිපුර වටින්නෙ උත්සාහවන්තකමද වාසනාවන්තකමද කියලා. මමත් හොයනවා උත්සාහවන්තකම නෙවෙයි වාසනාව!!

ලියා එව්වේ - දිනූ දිනේෂා

Related Posts Plugin for WordPress, Blogger...