Friday, January 9, 2015

නෙත් මානයෙන් මිදෙන්නෙමි.....

එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ඉන්න ලස්සන කොල්ලා දිහා තාරුකී උනන්දුවෙන් තුන්හතර පාරක්ම බලද්දි හංසට දැනුණෙ පුදුම දුකක්. හංසට තමන්ගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. තමන් එක හිතින් ආදරේ කරන කෙල්ල තමන් ළඟ ඉදිද්දිම වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලනකොට මොන කොල්ලටද දුක හිතෙන්නෙ නැත්තේ කියලා හංසට හිතුණා. ඒත් ඒ ගැන අහල රණ්ඩු වෙන්න, තාරුකීට දුකක් දෙන්න හංසට හිතුණෙ නෑ.

හංස?

ම්ම්...

අර එහා පැත්තේ සීට් එකේ ඉන්න බෝයිව දැක්කද ඔයා?

ඔව් ඇයි තාරුකී?

එයා මගෙ නැති වෙච්ච අයියා වගේමයි. එයා දැක්කාම මට අපේ අයියාව මතක් වුණා හංස

හංසට දැනුණෙ කලින් දැනුණටත් වැඩිය ලොකු දුකක්. හංස තාරුකීව තමන්ගේ උරහිසට ආදරෙන් හේත්තු කරගත්තා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

1 comment:

  1. සීයක් කතුවරු හිටියට මේ බ්ලොග් එකට ලිපියක් වැටෙන්නේ එහෙමත් දවස්ක.. මේ ලියන ටිකටත් බොහොම ස්තූතියි ඈ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...