Friday, May 17, 2013

පොඩි එකිගේ ආසාව..

අල්ලපු  ගෙදර අක්ක කම්පියුටරෙන්  ෆිල්ම් බලනවා.
එයාගේ  මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා.
අතේ මොකක්දෝ ගුලි කරගෙන..
හිටී ගමන් සද්දයක් නෑ ..
විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,

"අම්මේ මට සනීප නෑ "
අම්ම ගානක් නැතුව  ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"
දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"
අම්ම:  "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"

ළඟ හිටපු මට හිනා..
පස්සේ අක්කා කියනවා කොහේ හරි ගියාම මොකක් හරි ලස්සන බෙහෙත් පෙති කාඩ් එකක් දැක්ක ගමන් දුවට ඉබේටම අමුතු ලෙඩ හැදෙනවලු.. මොකකටවත් නෙවෙයි ඒක බීල  බලන්න...
මේ පොඩි එවුන්ටත් තියෙන ආසාවල් වල හැටි.. :)

ලියා එව්වේ - Ashfa

6 comments:

  1. ඒ උනාට ඒක සෙල්ලං වැඩක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. එකඟයි. පැනඩෝල් වුනත් නියමිත මාත්‍රාවට වඩා වැඩි වුනොත් දොයිය පටාං

      Delete
  2. කෙල්ල තනියෙන්ම ඕවා හොරෙන් හොරෙන් බොන්න ගත්තොත් තමයි අවුල!

    ReplyDelete
  3. නිකා තියෙන දේවල් දැක්කම අපිත් ඔහොම්ම තමා...... ;)

    ReplyDelete
  4. පොඩි එකීගෙ හිත රිදවන්නෙ නැතුව ඒවගෙන් ඈත් කරල තියන එක තමයි වැඩිහිටියන්ගෙ දක්ෂතාවය

    ReplyDelete
  5. ඒ උනාට දැන් තීන බෙයියන් අලි ලත්තනයි තමා. අලි සූදයි...
    මටත් බොන්ට හිතිලා තියෙනවා. කන්න හිතෙනවා..

    Bora Diyaka Induwara

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...