Friday, April 5, 2013

වෙනස

සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.

සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටි මිතුරු මිතුරියන් සමග සතුටු සාමීචයේ යෙදෙමින් සිටියාය. පුතා පරිගනක ක්‍රීඩාවක මාරාන්තික සටනක නියැලෙමින් සිටියේය. තව නොබෝ වෙලාවකින් ඔවුන් නවාතැනට ළඟාවනු ඇත. තම සුඛෝපභෝගී රථය පදවමින් සිටි ඔහුගේ තනියට සිටියේ වායුසමනයෙන් නිකුත් වන සිහිල් වායු දහරා පමනි.

ලියා එව්වේ - නිෂාන්

9 comments:

  1. හැබෑ කතාව .........

    ReplyDelete
  2. සරත් ලාටත් කවද හරි සමරසිංහ ලා වගේ වෙන්න ලැබුනොත් එයාලත් ඒ තත්වෙටම වැටෙනවා..

    ReplyDelete
  3. ලස්සනයි

    ReplyDelete
  4. ..Keti, pahadili kathaawak..
    Kiyana eka kiyala thiyanawa kanata gahanna wage kelinma.
    Niyamayi.
    Adayi mehe aawe muchalinda thumaawa balanna.

    ReplyDelete
  5. හොඳ කතාවක් ...හැබැයි සැබෑ ලෝකයේ සරත්ලා බොහොම අඩුයි...එතකොට වැඩිපුරම ඉන්නේ සමරසිංහලාත් නෙමෙයි... වැඩිපුරම ඉන්නේ සමරසිංහලා වෙන්න හීන මවන සරත්ලා.....

    ReplyDelete
  6. දුක් බර ඇත්ත කතාවක් නෙද

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...