Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි


දඩස්!
සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකට
මම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.

ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනා
මම නෙවෙයි ඇස් ඇරියේ,
මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.

පොඩි කරපු ඇස් අස්සෙන් මට
චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,
එකපාරටම..,

මොකෙද්ද මූ..,
කියලා අහනකොට...,

හොරෙක්, වංචා කාරයෙක්,
අර අතේ පච්චේ හැටි?

මුට පිස්සු..!

ටක්කෙටම මූ පොන්සියෙක්,
බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටි

මුට පිස්සු..!

අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"
හ්ම්ම් කලුයි නේ..?

මුට පිස්සු..!

මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලු

තමුසෙට පිස්සුද ඕයි
වාහන යන පාරේ මැද්දෙන් පනින්න යන්නේ
මම පාර පැන්නේ කහඉරෙන් ඕයි..!

මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!

ලියා එව්වේ - මුචලින්ද (http://juliaproduces.blogspot.com/)

11 comments:

  1. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  2. කහඉරේනේ.. කුඩ්ඩෙක් හැප්පුනත් සොරිම තමාද? නැත්නම් කුඩ්ඩට කහඉරේ හැප්පුනත් සොරි තමාද? ඇත්තටම මේ දෙකෙන් මොකද්ද?

    ReplyDelete
  3. ඇ‍යි පාර පැන්නේ ඕයි ?

    ReplyDelete
  4. අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

    ReplyDelete
  5. මටත් පිස්සු ඕයි බ්ලොග් රෝල දැකල
    මොකද්ද මේ පිස්සු සීන් එක. අගක් මුලක් හොයල දීපල්ල කවරුහ‍රි

    ReplyDelete
  6. ඒකත් හරි ඔන්න...

    ReplyDelete
  7. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!! ඇත්තටම පිස්සා වුණත් උඹ රියල්ම පිස්සා ඕයි!!

    ReplyDelete
  8. දැං මටත් පිස්සු...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...