Monday, February 11, 2013

කෝච්චිය

පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.

'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ  දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'

යකඩ කටින් කියවුනු ඒ හඬ ඉස්ටේසම පුරා දෝංකාර දුන්නේය. කෝච්චිය ආයුතු වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වී තිබූ බැවින් තම නිවෙස් කරා යෑමට ලහි ලහියේ ලෑස්ති වුණු සියල්ලන්ම වේදිකාව මත සිට ගත්හ.

ඈතින් හූ කියාගෙනම කොච්චිය එනවා පෙනුණි.

'සමාවන්න එය කෝච්චියක් නොව එන්ජිමකි'
 
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

4 comments:

  1. හපෝයි..... 2.05 නේද?? පුදුම වේගෙකින් යන කෝච්චියක් නෙ.... මගෙ යාලුවෙක් පැය දෙකක lecture note එකක් ලිව්වා කලුතරට යනකම්... කිසි අවුලක් නැතුව. ගැස්සෙන්නෙ පැද්දෙන්නෙ නැතුව බබා වගේ යන්නෙ.......

    ReplyDelete
  2. හයියෝ දෙයියනේ!!! දැන් ඉතිං වදුරෝ වගේ එංජිමේ හරි එල්ලියා යන එකයි ඇත්තේ... :පී

    ReplyDelete
  3. අපි තුංවෙනි ෆ්ලැට්ෆෝම් එකේ 1.55 වේයංගොඩ කෝච්චියේ...
    මරදාන තමයි මරදාන....

    ReplyDelete
  4. අපිටත් වෙන්නෙම ඕම වැඩ තමයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...