Monday, April 9, 2012

(‍ෆ්‍රී)රැඩිකල්වාදය

මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා.

"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."

"ඒ මොකටද? "

"එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු. කෙල්ලොත් කැමති උන්ට තමයි. "

"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්?"

"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑනේ. උන් හරි ගූඪ චරිත."

"හරියට විරාගයේ අරවින්ද වගේ? "

"ඒ කවුද බන්? මම දන්නෙ නෑ... උඹත් මචන් ‍රැඩිකල් විදිහට හිතපන්. එතකොට පට්ට."

"චේ ගුවේරලා, ලෙනින්ලා, කස්ත්‍රෝලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"

මගේ මිත්‍රයා කරබා ගත්තා.


ලියා එව්වේ - පියසටහන් (http//www.piyasatahan.tk)

11 comments:

  1. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. මම නම් තාම ඔය රැඩිකල් කියන එක තේරුම් ගන්න බැරුව ඉන්නෙ...

    ලංකාව එක තැන තියෙන්නෙ මගෙ හිතේ අපේ උන්ට "රැඩිකල් ලුක්" එක විතරයි තියෙන්නෙ...

    ReplyDelete
  3. ඒ විදියට බලනවිට මුල්ම රැඩිකල්වාදීන් වූයේ හෝමෝසේපියන්ස්ය.පෙනුමට රැඩිකල්වීම හා අදහස්වලින් රැඩිකල්වීම යනු දෙකකි.මාටින් ලූතර් කින්ග් මෙන්ම කේමදාසයන් වැන්නවුන් තඩි රැවුලක් හා කොන්ඩයක් වැව්වේ නැත.මෙහේ නම් කොන්ඩය රැවුල කැපීමට මුදල්නැති එවුන්ද රැඩිකල්වාදීන්ය,කොන්ඩය රැවුල
    වවාගෙන බරවචන වලින් පිස්සුකෙලිනවුන්ද ලංකාවේ ඕනෑතරම් ඇත,
    රස්තෆාරියානුවාදය පටලවාගෙන රස්තාවීම මෙන්ම අදවන විට ලුක් එකට පොරවීමට (ෆ්රී)රැඩිකල්වීමද එක්තරා ෆැෂන් එකකි.
    කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා කරගැනීම නම් පට්ටය.

    ReplyDelete
  4. රැඩිකල් නං වැඩිකල් ඉන්න බෑ ලංකාවෙ :)
    රැවුලෙන් රැඩිකල් අයියල නං ඕනපදං ඉන්නව. ඔය රැඩිකල් වගේම අනිත්එක තමයි "රස්ත" කියන්නෙ. කොන්ඩෙ ගොතාගෙන ගංජ ටිකක් ගැහුවම ඌ රස්ත.

    ReplyDelete
  5. ekata heethuwa oya kathaawa leyapu eka wagee goothayo godadenek lankawe enna eka thamayi!!!!!!!

    ReplyDelete
  6. මේක සිරා කතාවක් පියා... ඇත්තම කිව්වොත් රැඩිකල් කියන වචනෙන් අපි ගන්න මුල් අදහස "විප්ලවකාරී" වගේ එකක්නේ. ඕක කොණ්ඩෙයි රැවුලයි එක්ක කිසිම සම්බන්ධයක් නැති එකක්. ඒ වුණාට පෙනුම මත සෑහෙන්න දේවල් තීරණය වෙන සමාජයක බාහිර පෙනුම අනිත් ගොඩක් දේට වඩා වැදගත්. ඒ නිසා අපට පේන්න රුවුල් කොණ්ඩ තියෙන ගොඩක් උන් පට්ට සම්මතයෙ එවුං.

    ReplyDelete
  7. පට්ට !! වෙන මොනව කියන්නද..

    ReplyDelete
  8. සිතුණු දේ ලීමි. piyasatahan.tk තවදුරටත් නැති බවත් piyasatahanak.blogspot.com අඩවිය පමණක් ඇති බවත් කියමි.

    ReplyDelete
  9. රැඩිකල් යන්න සාපේක්ෂයි!

    ReplyDelete
  10. අපේ එකෙක්ගෙන් කොණ්ඩෙ වවන්නෙ මොකද ඇහුවම ඌ කිව්වෙ.....අපේ තාත්ත කියල තියෙන්නෙ මචං වවන්නෝ දිනන්නෝ කියලලු.......

    ReplyDelete
  11. redikal kiyala konde rewla wawan hitiyata u niyama redikalwaadiyek wenne na mokada redikal yanu viplawawaadi yanna ha samanai.che,lenin wage aya rewla wewwa nemei a pudgalayanta wiplawaya nisa rewla saha konde kapanna tharam kaalayak thibune na mokada ehema karoth a kaalaya thula thawath boho de kirimata thiyena hekiyaawa nathi wena nisa.eka nisa konde rewla wewwata witharak redikal wenne na eka ape kriyaaweth anthargatha wenna ona yaluwane.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...