Friday, April 6, 2012

ඉන්දියන් කාරයෝ

යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.

“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”

"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."

“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”

“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් ‍කල්පනා නොකර ඉන්න තිබුණා.”

"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"

යාළුව දිගටම ඉන්දියාවට බණිනව.

ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.

මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.

“හික්ස්”


ලියා එව්වේ - hare :-)

13 comments:

  1. මළා බුදුහාමුදුරුවොත් ඉන්දියන් නේ...නෑ නෑ නේපාලි.....

    ReplyDelete
    Replies
    1. අවංකවම බැලුවොත් බුදු හාමුදුරුවො ඉපදෙන කාලේ නේපාලයවත් ඉන්දියාවත් දෙකම නෑ ,එක එක කාලෙට හැදුනු අධිරාජ්‍ය වලට වුනත් අද ඉන්දියාවට අයත් සමහර ප්‍රදේශ අයිති වෙලා තිබුනේ නෑ (දකුණු ඉන්දියානු රාජධානි ) , නමුත් වෙන සමහර කොටස් අයිති වෙලා තිබුනා !

      Delete
  2. ඌත් හරියට දේසපාළුවෝ වගේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ උ ලංකාවේ එකෙක් බව පෙන්නුවා...

      Delete
  3. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි :)

    ReplyDelete
  4. මේව ලියන උනුයි කමෙන්ට් දාන උනුයි මේ පෝය දවසෙ කරගන්නෙ ලොකු අකුසල කර්මයක්. කාට කියන්නද මේවා

    ReplyDelete
    Replies
    1. මාසෙ හැමදාම අපි එක එක කතා අහනවනේ... ඒ හැමදාම වැඩ වලිනුයි අරවයිනුයි මේවයිනුයි හොඳට ස්ට්‍රෙස් වෙලානෙ ඉන්නේ... ඉතිං පෝය දවස හොඳ නැද්ද නිදහසේ තමං ගැනම කල්පනා කරන්න :-)

      Delete
  5. අවුල්ම නම් පොඩි එජස්මන්ට් එකක් දාගන්නත් පුළුවන්නේ... නෝත් ඉන්දියන් අවුලක් නෑ... සවුත් ඉන්දියන් තමයි හම්පඩ... :)

    ReplyDelete
    Replies
    1. :) .... ඉන්දියාව ලංකාවට විරුද්ධ සහය දීම ගැන පුවත් පල කරපු වෙබ් අඩවි සමහරක පාඨක ප්‍රතිචාර වල කියෙව්වාම දැක්ක දෙයක් තමයි ඒ තීරණය ගැන දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු සමහර පොරවල් විරුද්ධ වාද කරගන්නවාය කියන එක , ඒ නිසා ඔය තර්කය එක්තරා දුරකට හරි වෙන්නත් පුලුවන්

      Delete
  6. යාලුවො දෙන්න ඔය ගමන යන්න ඇත්තෙත් ටාටා හෝ ලේලන්ඩ් බස් එකක වෙන්න ඇතිනේ !

    ඉන්දියාව කණපිට ගහන්න කලින් සතියේ දවසක අයිටීන් එකේ පත්තර විස්තර කියන ඩයල් එක (මම හිතන්නේ නම ලලිත්ද කොහෙද ) , සෝනියා ගාන්ධිටයි මන් මෝහන් ටයි පුදුම ආදර භක්තියක් තිබ්බේ , ඒක උන් දෙන්නට ඇහුනා නම් ලලිතයව උස්සගෙන ගිහින් දූරදර්ශන් එකේ පත්තර කියවන්න දානවා ශුවර් !

    ReplyDelete
  7. all the best friend.


    Thanks.
    www.timmblog.info

    ReplyDelete
  8. මේ බුදු පිළිමය සම්බන්ධ අදහස මුලින්ම කියෙව්වෙ සරත් ලංකාප්‍රිය මහත්තයගෙ බ්ලොග් එකෙන්. මේ කියන බස් කතාව මට ආවෙ මේල් එකකින්. ඒකට අමතර කොටස් ටිකක් හයි කරපු එක විතරයි කලේ.

    http://lankapriyagesithivili.blogspot.com/2011/08/blog-post_22.html

    ReplyDelete
  9. ඇමතිලා බාරහාර වෙන්න ඉන්දියාවට යනවා
    ක්‍රිකටර්ස්ලා IPL එකට යනවා
    ඉරාජ්ලා භාතියලා සින්දු හදන්න යනවා
    ජැකොලින්ලා රඟපාන්න යනවා
    වන්දනාකරුවො ගුටිකකා පින්රැස් කරන්න යනවා
    තව ඕනෙද..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...