Monday, January 16, 2012

වැරදි ලියුම

ඔය ලියුං ගණ්ඩෝ..,

මම කෑගහලා කිව්වේ පත්තරේ බලන ගමන්.

ආ.. ඔයාගේ නමට ලියුමක්,

කඩලා කියවන්නකෝ මම මේ පත්තරේ බලනවා,

හහ්...!!!
මේ තියෙන්නේ කසාද බඳින්න කලින්
මුකුලු කරපු එකී තමුසෙට ලියුමක් එවලා..,
මම දැනන් හිටියා තමුසේ ඒකිව තාම අතෑරලා නෑ කියලා.

මොනවද සුනේත්‍රා මේ කියවන්නේ..,

කියවන්නේ මොනවද කියලා තමුසේට තේරෙයි
මම දික්කසාද නඩුවක් ෆයිල්කලාට පස්සේ.., මට තමුසේව ලොකු නෑ.
මගේ අයියා ලෝයර්, බාප්පා ඒඑස්පී.., තමුසේ දන්නේ නෑ..,

මේ අහන්න.., කෝ දෙන්න ඔය ලියුම..,

ඒක මොකටද.., මේ මගේ සාක්කිය

ට්‍රීං ට්‍රීං

ඒ පාර කවුද?
මම මේ ලියුම් ගේන කෙනා සර්..,

අනේ සමාවෙලා අර ලියුම දෙන්න..,
ඒක එහා ලේන් එකේ P.D.R.Pereraට
අයිති එකක්..!


ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

5 comments:

  1. සේරම හොඳයි නම තමයි අවුල! හික්!!!

    ReplyDelete
  2. ලියුම දැක්ක ගමන් නෝනට සැක හිතුන විධියට මහත්තය හොඳ පොරක්නම් වෙන්න බෑ... ;-)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...