Friday, December 16, 2011

ඔයයි මමයි විනාඩි 1000යි!

ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා.
ඒ දවස්වල තිබුණ ලොකුම ප්‍රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක.
එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.
අන්තිමේ නිකං විනාඩි 1000ක් දෙන එකම අපට හොඳ වුණා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?
ජීවිතේ එහෙමයිලු! 
 
ලියා එව්වේ - hare :-)

8 comments:

  1. මම දන්නේ නෑ ...
    මේ මගේ කතාව බන්.. 1000 පැකේජ් එක අරගෙන වැඩියෙනුත් විනාඩි හයසිය ගානක් කතාකරපු කාලයක් මටත් තිබුණා.. ඒත් අද රුපියල් දෙසීයක් දාලා ඇක්ටිවේට් වෙන විනාඩි 1500 ඔහේ නාස්තිවෙලා යන්නේ.. ගෙවපු රුපියල් දෙසීයටවත් කතා නොකෙරෙන හන්දා

    ReplyDelete
  2. මම උපහාර එකෙන් කහා කරල, සමහරක් මාස වල බිල 1000ක් වගේ ආව. දැන් කිසිම කරදරයක් නෑ. හච් එකට පිං ලැබෙන්න.:) උපහාරෙ විනාඩි 1000න් 800ක්වත් ඉතිරි වෙනව. ඒත් හච් එකෙන් කාලයක් මාසෙකට විනාඩි 3000කට වඩා කතා කරන්න ඇති. දැන් දෙන්නටම තියෙන වෙලාවත් එක්ක, ඒක 1500කට විතර අඩු වෙලා. :(

    ReplyDelete
  3. පහු පහු වෙනකොට කතා කරන්න දේවල් නැති වෙලා. :(

    ReplyDelete
  4. මම නම් ඕක ඇක්ටිවු කරගත්තේ කල් යද්දී ඕන වෙයි කියලා.. හැබැයි එදා ඉඳන් අද වෙනකන් 1000 ඉවර කරන්න බැරි වුනා.... :D

    ReplyDelete
  5. එහෙම විතරක් යෑ බන්... මම ගත්තු දෙකෙන් එකකට දැන් කතා කලාම කියනවා ඔබ ඇමතූ අංකය විසන්ධි කර ඇත කියලා...

    ReplyDelete
  6. අපිත් හච් එක ගන්න බැලුවෙ....සෑහෙන්න කල් කතා කරන්න තියෙන නිසා!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...