Friday, October 28, 2011

අවියෝජනීය බන්ධන

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.

උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.

අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.

මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.

නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.

අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.

මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......

කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් හිතුවෙ? විඳවනවා මතක හිටින්ඩත් එක්ක.

අම්මා: මේ සුදුළුණු ගෙඩිය කනේ රඳවං ඉන්න. ළමයෝ උගුර රිදෙන්නෙ හෙම්බිරිස්සාව හැදෙන්න. සෙමට කන් කැක්කුම. මමම ඉන්නෙපැයි සාත්තුවට.
 
ලියා එව්වේ - මගේ ජීවිතය

3 comments:

  1. මගේ ජීවිතය උගුර, කණ, නාසය පිළිබඳ දොස්තර කෙනෙක් එහෙම නෙවෙයිනේ..

    රසවත් නිර්මාණයක්..

    ReplyDelete
  2. අම්මලටත් ඔය ලෙඩ හිටු කියල හැදිල ඇති. ඒකනෙ ඔය දන්නේ... අපිනං වැඩිම වුණොත් අර කෝකටත් තියෙන බාම් එකයි ඩෝල් එකයි තමයි දන්නේ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...