පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.
බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.
විමලෙ,
සද්දන්තයා
කඩවසම් හාදය
මගේම ලෙයින් උපන් දරුවෙක් වගේ.
මම දිවුවා.. විමලෙ බලන්න.
හිඟන්නෙක් වගේ බූරු ඇදක දපලා.. කට පැත්තට ඇදවෙලා.. ඇඟ වැහැරිලා...
මගෙ බඩ පපුව දාල පිච්චිලා ගියා.
“ම..හ..ත්තයො...”
විමලෙගෙ කට කොනකින් කෙළ බේරෙනව. මිනිහ දෑත් එකතුකොට මට වඳින්න උත්සාහ
කරනව..
“ම..ගෙ ගෑනිවයි දරුවවයිවත් බේරගන්න.....”
මම දිවුවා කුස්සියට...මැණිකා කරුවලේම කුස්සියෙ මුල්ලෙ ඉකි බිදිනව..පොඩි එකා
ජංගිය උස්ස උස්ස මා ගාවට ආව.
“මට සමාවෙයල්ල... මම හිතුව සියල්ල සතුටුදායක අවසානෙකින් පස්සෙ කෙළවරයි කියල”
මම හැඬුම් ඉවසගෙන කිවුව.. කියල අහක බලාගෙනම එළියට බැස්ස.
“විචාරකයො... තුහ්! පර බල්ලො..”
කඳුලුවලින් ඇස් බොදවෙද්දි මම හිතුවා. ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)
මටනම් ටියුබ් ලයිට් වගේ
ReplyDeleteමොකක්ද මේ හුටප්පරේ......
ReplyDelete