Wednesday, October 12, 2011

මහලු ගිගා බයිට්!

 ඒ දවස් වල මම හිතාගෙන හිටියෙ මම මාර පොරක් කියලා. මගේ බ්රෑන්ඩ් එකත්, සයිස් එකත් හින්දා මට මම ගැන ආඩම්බර වෙන්න පුළුවන්කම තිබුණා. මගේ අයිතිකාර පොරත් මම නිසා පොර වෙලයි හිටියෙ.

ගිගා බයිට් තුන්සීයක් කිව්වම නිකංද? ඒක නිකං ගැස්සිල යන විධියෙ සයිස් එකක්. අනික පෝටබල් හාඩ් එකකට.

ඒ දවස්වල මැෂින් වල හයි කරපු හාඩ් වලටත් තිබුණෙ ඔය අසූව, එකසිය විස්ස වගේ සයිස්. හිතාගන්න පුළුවන්නෙ මට තිබුණ තැන?

ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා. ඊයෙ පෙරේද මගේ අයිතිකාර පොර ගෙනාව ටෙරාබයිට් 2ක හාඩ් එකක්! ඒක සොලිඩ් ස්ටේට් මෙමරියක්. ටෙරාබයිම දෙකක්...

මම වගේ හතක්!!!

දැන් මම නිකංම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකටත් පහත තත්වෙට වැටිලා.
 

ලියා එව්වේ - hare :-)

7 comments:

  1. ගිගා බයිට් තුන්සීය ...
    ගිගා බයිට් දහයත් මැණිකක් වගේ කාලෙයක් තිබුන
    වැඩි ඇතක නෙවි 2000 න් මෙහා

    ReplyDelete
  2. ඕසෙට ෆිල්ම් හෙම එකතු කරනවා ඇති නේද එහෙනම්?. හික්ස්

    ඉස්සර මටත් ඔය අළුත් ගැජමැටික් එකක් ගන්නකම් නින්ද ගියේ නෑ. ඒත් කවදාවත් අර මුලින්ම තිබුන ඒවයෙන් කර ගනිපු භාගයක් දේවත් කරගන්නෙත් නෑ. මේක කියෙව්වමයි මටත් හිතුනේ අර පරණ ගැජමැටික් වලට කොහොම දැනෙන්න ඇත්ද කියලා.
    ඒ උනාට ඉතින් 2tb කිව්වම මොන දුකක්ද නේද?

    ReplyDelete
  3. ටෙරා බයිට්...? හයියෝ.... මට මතක් වෙන්නෙ මම මුලින්ම අතපතගාපු කොම්පීතරේට ඔබන්ඩ පුලුවං එකම දේ වෙලා තිබ්බ වර්ග අඩි බාගෙ ෆ්ලොපියක් පොත අස්සෙ දා‍ගෙන උඩින් උඩින් ඇවිද්ද හැටි... හපොයි.

    ReplyDelete
  4. If this isn't a story....

    SSD 2T, hm.... 2T is fine, and common now, but 2T SSD hmmm... how much was it, over Rs 500,000?

    ReplyDelete
  5. හික් හික් . . . කාලෙකට කලිං 32MB ෆ්ලෑශ් ඩ්‍රයිවු එකක් කරේ එල්ලං උජාරුවෙං බස් එකේ ගිය කලයක් තිබුනා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...