බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.
බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
Wednesday, February 5, 2014
Tuesday, November 26, 2013
පෙරේරා මහත්තයා සහ බත් පිඟාන
පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා.
හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.
හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.
පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් අස්සෙනුත් එක එකා යනවාලු. අම්මා පෙරේරා මහත්තයාව පඩිය උඩ ඉන්දලා පිඟාන අතට දීලා පොඩි කාලෙ නිතරම මෙහෙම කියනවලු.
“මහ මිනිහා හිරේ නිසා මුන් හිතන්නෙ. උඹට බිත්තරයක්වත් දෙන්න මට නෑ කියලානෙ. ඒ හන්දා ඕක පිඟානෙ තියාගෙන ඉඳලා අන්තිමට කාපං.“
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Friday, November 22, 2013
විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart
ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.
පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.
සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන.
පීරියඩ් එකට තව වෙලාව තියනවා.
ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.
ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙ
වින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.
මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකම
මල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද?
මට එතැනට කියන්න කිසි දෙයක් තිබුණෙ නෑ.
ඒත් බොහෝ ආදරියන්ට පෙම්වතාගෙන් උදේ පාන්දර එන Good Morning Message එක යහගුණයෙන් ඉදිරියට යන්න බලය ජවය වඩවන මෝල්ට් පානයක් වගේ එකක් ද කොහෙද කියලා මට නිකමට හිතුණා.

Tuesday, September 3, 2013
NO POLITICS
"මිනිසා දේශපාලන සත්වයෙකි" එහෙමයි දේශපාලන විද්‍යාවට ඉගැන්නුවේ, එතකොට
ආර්ථික විද්‍යාවෙදි, කුටුම්භ සහ ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් රජය එහෙමත්
නැත්නම් දේශපාලන බලාධිකාරයේ ඍජු මැදිහත්වීම මත තීරණය වෙනවලු. ව්‍යාපාර
අධ්‍යනයට, කළමනාකරණයට, ගිණුම්කරණයට අනුව නම් භාහිර පරිසරයෙ වඩාත්
තීරණාත්මකම, වැදගත්ම සාධකය දේශපාලනයලු.
ඒ කතාවත් ඇත්ත. අද කාලෙ පාරකට තාර ටිකක් දාගන්න, පාලමක් බෝක්කුවක්
හදාගන්න කොටින්ම එක වසරට ළමයෙක් දාගන්න පුළුවන්ද දේශපාලකයෙකුගෙ ලිපියක්
නැතිව?
හැමදේම දේශපාලනය මතම තීරණය වන මේ ධර්මද්වීපයේ ක්‍රියාශීලීම බුද්ධිමත්ම
තරුණ පිරිස වන සරසවි ශිෂ්‍යයන්ට සරසවියට එනකොට අම්ම තාත්ත, නෑදෑ
වැඩිහිටියො, ගුරුවරු දෙන්නෙ එකම එක අවවාදයයි.
"අනේ පුතේ, උඹ නම් ඔය දේශපාලන වැඩවලට පැටලෙන්න එපා."
වැරැද්ද අපේද, උපදෙස් දෙන අයගෙද, නැත්නම් දේශපාලකයන්ගෙද?
ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Friday, May 17, 2013
පොඩි එකිගේ ආසාව..
අල්ලපු ගෙදර අක්ක කම්පියුටරෙන් ෆිල්ම් බලනවා.
එයාගේ මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා.
අතේ මොකක්දෝ ගුලි කරගෙන..
හිටී ගමන් සද්දයක් නෑ ..
විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,
"අම්මේ මට සනීප නෑ "
අම්ම ගානක් නැතුව ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"
දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"
අම්ම: "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"
ළඟ හිටපු මට හිනා..
පස්සේ අක්කා කියනවා කොහේ හරි ගියාම මොකක් හරි ලස්සන බෙහෙත් පෙති කාඩ් එකක් දැක්ක ගමන් දුවට ඉබේටම අමුතු ලෙඩ හැදෙනවලු.. මොකකටවත් නෙවෙයි ඒක බීල බලන්න...
මේ පොඩි එවුන්ටත් තියෙන ආසාවල් වල හැටි.. :)
ලියා එව්වේ - Ashfa

Subscribe to:
Posts (Atom)