Wednesday, October 10, 2012

ස්පාන්යෙට පිපින්යා

පෙරේරා රාළහාමි දවසක් ඉබ්බන්වල හන්දියෙ ඩියුටි කරනකොට මෝටර් සයිකලයක් එනවලු කඩාගෙන.
රාළහාමි විසිල් ගහලා බයිසිකලේ නතර කළා.
'මොකද හදිස්සිය? මේ හරියෙ ලිමිට් දන්නෙ නැද්ද?'
'අනේ සර්... පොඩි හදිස්සියක්. එළවලු ටිකක් මරදානට අරං යනවා'
'කොයිතරං හදිස්සි වුණත් නීති රීති තියෙනවනේ... ගන්නව ලයිසන් එක'
බයිසිකල්කාරය ලයිසන් එක දෙනව...
'මොකක්ද නම?'
'ඥාණසිරි'
පෙරේරා රාළහාමි ඔළුව කසන්න ගත්තා. ඥාණසිරිට වැඩේ තේරුණා... දෙන්නම් වැඩේ කියල හිතුව.
'කොහෙද පදිංචි?'
'කොම්පඤ්ඤ වීදියෙ සර්'
'රස්සාව?'
'ස්පාඤ්ඤෙට පිපිඥ්ඥා පටවනව සර්''
'හ්ම්... මේක ගෙවල එනව ලයිසන් එක ගන්න'
රාළහාමි ලයිසන් එක අරං ගියා. දඩ කොලේ ලියල තිබුණෙ මෙහෙම

නම - න්යානසිරි
පදිංචිය - කොම්පන්ය වීදිය
රැකියාව - ස්පාන්යෙට පිපින්යා පැටවීම 


ලියා එව්වේ - hare :-)

Monday, October 8, 2012

සත්ව කරුණාව

ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...
මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...
ඌ කකුලක් කොරගහනවා....

රත්නේ අයියේ ආරංචිද වැඩක්....

ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.

උන්ගේ &^*(^*&....

කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. සුමනේට අත තියන්න උන් කවුද???

පිටින් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ කාලකන්නි හැත්ත.

මන් ඉක්මනට ගිහින් අරූගේ අණ්ඩක් කඩලා එන්නම්....

ළමයෝ අර මේසේ උඩ සල්ලි ඇති, කඩෙන් බිත්තරයක් ගෙනත් හදලා දීපන් ඔය අසරණ සතාට.

ලියා එව්වේ - නිෂාන්

Friday, October 5, 2012

කඳුළු

“ලොකු අය වැටුනේ නැතිවත් අඬනවද අම්මා?”

“ඇයි මගේ පුතා එහෙම ඇහුවේ?”

“අම්මා ජනේලෙන් එලිය බලාගෙන අඬනවානේ .. ඉතින් අම්මා වැටුනේ නැහැනේ ”

“අම්මා ඇඬුවේ නැහැනේ පුතා.. නිකම් වැස්ස දිහා බලාගෙන හිටියානේ”

“වහින එක ගැන අම්මාට දුකද? ඒකද අම්මා අඬන්නේ? ”

“ම්ම්.. නෑ පැටියෝ..”

“අම්මා එපා කියද්දී මම තෙමෙන්න ගිය එකටද? ඔන්න මම ආයෙත් යන්නේ නැහැ! ” 

“නෑ.. නෑ!”

“එහෙනම් මගේ බෝට්ටුව ගහගෙන ගිය එකටද අම්මා අඬන්නේ? අයියෝ අපි තව එකක් හදමු!”

“....!”

“එහෙනම් අර කුරුළු පැටව් තෙමෙන එකටද අම්මාට දුක? අර අපි උදේ පාන් කෑලි දුන්නේ ...”

“ඔව්.. පුතේ, අම්මට ඒකට තමයි දුක හිතුනේ ... අම්මා ආයෙත් අඬන්නේ නැහැ හොඳේ"



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

Wednesday, October 3, 2012

පාට දෙකේ මනාලිය

මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.

පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං ‍පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.

ගීතිකා ‍ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.

ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා මනෝජුත් ලෑස්ති වුණා. එයා එයාගෙ රතු කමිසෙ ඇඳල ‍කෝට් එක උඩින් දැම්ම. රතට හුරු දුඹුරු සපත්තු දෙක හොයන්න බෑග් එක පෙරළුවා.

පොටෝග්‍රැෆර් ළඟට ආව.

'මේ මිස්ට, ඔයා වෙන එකක් ඇන්දෙ නැතිවට කමක් නෑ. බ්‍රයිඩ් රතු ඇන්දම ඇති.'

ලියා එව්වේ - hare :-)

Monday, October 1, 2012

(අ) නුවණැති පුරෝහිතයා

එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙ මඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇති උනේ.
ඒ අතීත කතාව,
ඒ කාලේ අපි නුවණැති පුරෝහිතයට අත්පුඩි තැළුවා.
ඒත් අද හිතෙනවා,
ඒ මෝඩ පුරෝහිතය එහෙම නොකීවනම්,
එදා වේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ කකුල් වලත් මඩ බිංදුවක් වත් නොගෑවෙන වර්තමානයක් අපිටත් උරුම වෙන්න ඉඩ තිබුන කියල.

 ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...