විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව
අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු
තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ
අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස්
වැසුණු අසංවේදී කැනහිළුන්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර ගත යුතුය. එසේ නොවී තවත් විද්‍යාවක
කෙලෙසුණු පසු මහ හඬින් මහ වදන් කියමින් කෑ ගසා තවකෙකුට චෝදනා කිරීමෙන් කිසිවෙකුට කිසිදු
සෙතක් නොවේ. සර්වසම්පූර්ණ නොවූවත් කළ හැකි උපරිමය කිරීමට හැකි පිරිස් කටයුතු කළ
යුතුය.
විද්‍යා නිසා යම් පියවරක් විද්‍යාවන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් ගැණුනේ නම් එහි කුසලය විද්‍යාටම අත්වේවා!