Wednesday, June 10, 2015

වෙනස් එකියක්

අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක් සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි. නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම අතින් මා අබිබවා ගිය තැනැත්තියකි. ඇය අන් සියල්ලටම වඩා වෙනස් සිනමාමය ප්‍රේමයක් මට තෑගි කළාය. දිනක් ඈ සියක් දෙනා සිටින තෙමංසලේ මහ වැස්සේ තෙමෙමින් මම ඔයාට ආදරෙයි කෑ ගසා කීවාය. නමුත් මහැර යන්නටද ඈ ගත්තේ අසනි වැස්සක් තරම් කෙටි කාලයකි.   

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

1 comment:

  1. මගැර ගියාට ලව් ඉස්ටෝරියක් හරි තිබුන නේ.එ.්ක ගැන සතුටු වෙන්න ඕනි..ඇතැම් අයට ජීවිතේට බෙහෙතකටවත් ආදර කතාවක චරිතයක් වෙන්න ලැබෙන්නෙ නැහැ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...