Wednesday, April 8, 2015

ප්‍රථම ප්‍රේමේ

දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....!

එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!

දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ටිකක් පරක්කු වෙලා.

දමයන්තිගේ අම්මා කලින්ම එනවා. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.

ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ අම්මලා එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

5 comments:

  1. කතාව පේනේනෙ නෑ
    ෆොන්ට් එක කළු පාටින් වගේ තියෙන්නෙ

    ReplyDelete
  2. වචන ඒකක්වත් නෑනේ... කියන්න දෙයක් නැද්ද?????? මොකුත් වුනේ නැද්ද?,???

    ReplyDelete
  3. සමාවෙන්න නිවැරදි කලා

    ReplyDelete
  4. අනේ!! හරිම නරකයි දමයන්තිගෙ අම්ම. :(

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...