Tuesday, September 2, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද බුදුරදුන් වැඩ
විහිදුවති රැස් නිවී දැල්වෙන
අසන් මහතුනි වෙසක් නොමැතිව
බසයෙ දිදුලන වරුණ තොරණක....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
ඇන්ඩ්‍රොයිඩ් දැහැනට
සමවැදුණු හිමිනමකි
උන්වහන්සේගේ
උරහිසට බර දී නිදන
මිනිසෙකි
පළමු කොටුවේ.....
ආධාර කරති සැවොම
ලබාගනිති තුන්ඩු
මුදල් දී....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
මැදකොටුවෙ සිටන් යන
මහලුන්, ගැබිනියන්, ආබාධිතයන්
දැක දැකම නිදති
සෙසු කොටු අසුන්වල
බලවත්තු බවලත්තු.....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
අවසනම කොටුවෙහි
මදන නම් වූ
වෙනම ජාතකයක්ය.......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
නගිති.. නරඹති...
නිදති.. බැසයති..
සැදැහැවත් පිංවත්තු.....
ලයිව් ෂෝ විරිඳුවෙන්
කන් බෙර පළති බෆල් රාජයෝ......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....

ලියා එව්වේ - වර්ණ

3 comments:

  1. මේ අපේ වර්ණයා?
    එල ද බ්‍රා.

    ReplyDelete
  2. නෑ මේ බ්‍රා අඳින වර්ණයෙක් නෙමෙයි. මේ කොල්ලෙක්. පත්තරකාරයෙක්. වැඩි විස්තර ඕන නැහැ.

    කවිය හොඳයි. කවියක් නොවෙන තරමට හොඳයි.

    ඇන්ඩ්‍රොයිඩ් දැහැනට
    සමවැදුණු හිමිනමකි

    අවසනම කොටුවෙහි
    මදන නම් වූ
    වෙනම ජාතකයක්ය.......

    වගේ කෑලි මරු. ඒ වගේම තියෙන රිදම් එක කාගන්නෙ නැතුව යන එකත් මරු. නියම වචන සීයක්!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...