Wednesday, January 12, 2011

Definition නැති කවි...

ඔව්! මා ඒ සියල්ල පල කරමි...

කියවන උන් කියෙව්වාවෙ...
නොකිය‍වන උන් නොකියවපුවාවෙ...

මගේ කවියට ප්‍රසිද්ධ හැඩයක් නැත...
සමචතුරස්‍ර , වෘත්ත, ත්‍රිකෝණ තුලට මගේ කවි එබ්බවිය නොහැක..

කවිය හැඩයක් නැති වචන පෙලකි...
හැඩය ඒ තුලම වන වචන පෙලකි...

මම ඒවා යතුරු පුවරුවේ කොටා දමමි...
නිකංම නිකං බ්ලොගයක ඒවා නිකංම නිකං පල කර දමමි...

එකම සිතිවිල්ල වචන ගොඩකින් කියා මම එකම සිතිවිල්ලට කවි ගණනක් පබදිමි...
කවි රැසක් ලියාලමි...

නම් දැරූ කවියන් කියවා මා නොකියවන්න...
මගේ කවි ඇත්තේ මගේ හැඩයෙනි...

ඔව්...
මම මගේ මනෝ විකාර සියල්ල කවි කරමි...

කවියකු වීම ජීවිතේ තරම්ම අපහසු නැත...

කවිය‍ට definition නැත.

එබැවින් මටද පහසුවෙන් කවියකු විය හැක...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

5 comments:

  1. කියවන උන් කියෙව්වාවෙ...
    නොකිය‍වන උන් නොකියවපුවාවෙ...

    මේ වගේ extremist ජවියෙක් වෙන්න නම් මටත් ඕනේ වගේ...

    ReplyDelete
  2. සිතට නැගෙන සිතිවිලි වලටත් ඩෙෆිනිෂන් එකක් සහ ශේප් එකක් නැති නිසා ඒ සිතිවිලි කොහොම ප්‍රකාශ කරහම මොකද තව කෙනෙක්ට කියවලා තේරුම් ගන්න හරි රසවිඳින්න හරි පුළුවන්නන්....?

    ReplyDelete
  3. මමත් විශ්වාස කරන්නේ ඕකමයි.. මොකද කවුරු මොනවා කිව්වත් අපි ලිව්වෙ කවියක් කියලා අපිට හිතෙනවානම්. ඒක කවියක් ආයි කිසි කතාවක් නෑ.. ආ තව එකක් මේක තමා වාර්තාගත වැඩිම කාලයක් සෙඩූල් වෙලා තිබුන පෝස්ට් එක නේද.. හික් හික්..

    ReplyDelete
  4. හැක්!.... ඔව් බං දැන්නම් මේක ලිව්වෙ ඇයිද කියලත් මතක නෑ.... :P

    ReplyDelete
  5. කවි වර්ගීකරණය වුනේ කවි බසක් නැති හින්දා.. අද හයිකු ඉඳලා සොනට් දක්වා කවි තියෙන්නෙ ඒකයි.. මම හිතන විදිහට යොදාගන්නා බාසාවේ ව්‍යාකූලත්වයට අනුව එය වැලඳ ගන්නා පිරිස නිර්නය වෙනවා.. හැබැයි මහගම සේකරගෙයි විවෘත විශ්වවිද්‍යාලෙ කොල්ලෙකුයි ලියන කවි අතර තියෙන විවරණ අනූපමේයයි.. අරූ පඬියා වෙන්නත් අනිකා තාම පෝස්ටර් ගහන්නත් හේතුව ඕක වෙන්න ඇති.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...