Showing posts with label තිළිණය. Show all posts
Showing posts with label තිළිණය. Show all posts

Wednesday, May 18, 2011

ගුගල්ලාගේ වෙසක් තිළිණය

බ්ලොගර් මත බ්ලොග් ලිවීම කරපු හැමෝටම පහුගිය දවසක දෙකකදි මුහුණ දෙන්න වුණ සිදුවීම අමතක නැතිව ඇති. ලංකාවෙ අපි කරක් ගහන ෆේස්බුක් එකේ ස්ටේටස් මැසේජ්, ට්විටරයේ ට්වීට් එක්ක ගුගල්ලගෙම බස් එකේ පෝස්ට් දමමින් හැමෝම ඒ ගැන දුක් වුණා.

හරියට කන්න ලැබුණෙ නෑ වගේ හැමෝම හිටියෙ. හැමෝටම දැණුන යාළුවෙක් නැතිවුණා වගේ දුකක්. කියවන්න දේකුත් ඒ දවසට දෙකට තිබුණෙ නෑ වැඩිය. සිංහල බ්ලොග්වලින් ගොඩක්ම තියෙන්නෙ බ්ලොගර් උඩ ලියවෙන ඒව නිසා ඒ එකක්වත් අප්ඩේට් වු‍ණේ නෑ. ආසාවට කමෙන්ට් එකක් දාගන්න විධියක් තිබුණෙ නෑ.

ඇත්තටම ගුගල්ලට උවමනා කරල තියෙන්නෙ හැමෝටම වෙසක් තිළිණයක් දෙන්න. අනිත්‍ය මෙනෙහි කරවන්න, ඉවසීම ප්‍රගුණ කරන්න.

ඒ ගැන හැමෝම ගුගල්ලාට පිං දෙමු.



ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...