Showing posts with label පිස්සු. Show all posts
Showing posts with label පිස්සු. Show all posts

Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි


දඩස්!
සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකට
මම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.

ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනා
මම නෙවෙයි ඇස් ඇරියේ,
මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.

පොඩි කරපු ඇස් අස්සෙන් මට
චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,
එකපාරටම..,

මොකෙද්ද මූ..,
කියලා අහනකොට...,

හොරෙක්, වංචා කාරයෙක්,
අර අතේ පච්චේ හැටි?

මුට පිස්සු..!

ටක්කෙටම මූ පොන්සියෙක්,
බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටි

මුට පිස්සු..!

අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"
හ්ම්ම් කලුයි නේ..?

මුට පිස්සු..!

මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලු

තමුසෙට පිස්සුද ඕයි
වාහන යන පාරේ මැද්දෙන් පනින්න යන්නේ
මම පාර පැන්නේ කහඉරෙන් ඕයි..!

මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!

ලියා එව්වේ - මුචලින්ද (http://juliaproduces.blogspot.com/)

Wednesday, July 11, 2012

චිකන් ගස් යට ගුල් හාරන කැරට්!

අභ්‍යවකාශගාමියො අට දෙනෙක් ඩෙස්ටිනි ලෝකයට ගොඩබැස්සා.

ඒ ලෝකෙ නිදහසේ හුස්මගන්න පුළුවන් වුණාට ලොකු අමුත්තක් තිබුණා.

ඒ ලෝකය සෑහෙන්න වෙනස්.

එහේ ගස්වල වැවුණේ සත්තු.

ගස්වල ලොකුවට කුකුල්ලු හැදුණෙ පෘථිවියෙ අඹ හැදෙනව වගේ.

අන්නාසි හැදෙනව වගේ හරක්, ඌරො, මුවෝ, අලි හැදුණේ පඳුරුවල.

ඒව සත්ත්ව ගෙඩි තිබුණ ශාක.

අනිත් අතට එහෙ කැරට් අල කෑ ගහමින් හැම තැනම දිව්වා. ගෝව, බීට් තැන තැන ඇවිද්දා.

බෝංචි, මෑ කරල් පණුවො වගේ බඩගෑවා.

පොල්, කොස් තියෙන පැත්තකට කාටවත් යන්න බැරි වුණේ ප්‍රහාර එල්ල වුණ නිසා.

ගොයම් ගස් පළඟැටි රෑන් වගේ එක පොදියට දුවගෙන ගියා.

එහෙ සත්තුන්ට තිබුණෙ ශාක පෙනුමක්.

…………………………

සති දෙකක් ඇතුලත කණ්ඩායමේ දෙන්නෙක් මැරුණා.

එයාල නිර්මාංශභක්ෂකයෝ...


ලියා එව්වේ - hare :-)

Friday, March 16, 2012

මුතුන්මිත්තන්ට රක්ෂණ ඔප්පුවක්

“එක එකාට ඕන විධියට නටන්න දෙන්න බෑ”

“ඇයි මචං මොකක්ද අවුල?”

"නෑ බං... බලපං මුං කරන දේවල්...? එක එකා තම තමන්ට ඕන විධියට නටනවනේ...”

“ඉතිං ඒකෙ මොකක්ද අවුල...? උඹ නටන විධියට හැමෝටම නටන්න බෑනෙ.”

“උං ඕන නැටුමක් නටාගත්තට කාරියක් නෑ... අපි ආරක්ෂා කරන දේවල් විනාස කරන්නෙ නැතිව.”

“දැං උඹල මොනවද ආරස්සා කරන්නෙ?”

“ඇයි අපේ මුතුන්මිත්තො රැකල දීපුව. ඒව රකින එක අපි හැමෝගෙම වගකීම”

“මුතුන්මිත්තො රැකල දීපුව කෝ...?”

“ඇයි ඔය පොත්පත්වල තියෙන්නෙ... ඒව අපි රකින්න ඕන දායාද”

“ඉතිං උඹ කියවල තියෙනවද ඒව?”

“පිස්සුද බං ඕව කියවන්න වෙලා තියෙන්නෙ කාටද? අනික කියෙව්වට තේරෙන්නත් එපැයි!”

“හ්ම්.....”

“ඒ වුණාට ඒව අපි පරෙස්සමෙන් රකින්න ඕන.”



ලියා එව්වේ - hare :-)

Thursday, September 29, 2011

ඇයි උඔට ඉන්නෙ

“මොකද බන් කරන්නේ?”

“පොතක් කියවනවා”

“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”

“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”

“උඹ හරකෙක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”

“ඒක එහෙම තමා. ඒකි පව් බන්. ඒකිට මට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන්”

“උඹට පිස්සුම තමා. මට එදා උඹල දෙන්න කතා කර කර ඉද්දි ඊරිසියාවෙ බෑ. මම ප්‍රර්ථනා කලා මටත් උඹේ වගේ පට්ට කෙල්ලෙක් සෙට් වෙන්න කියල”

“ඇයි උඹට ඉන්නෙ”

ලියා එව්වේ - isuru71 (http://isuru71.wordpress.com)

Friday, June 10, 2011

මට පිස්සු නෑ....


පාර්ක් එකේ අපි උන්නෙ අපේම ලෝකයක..
ගාර්ඩ් අයියලා කොච්චර බැන්නත්
අපි අපේ ලෝකෙක තනිවෙලා උන්නෙ
මේ ලොකේ අපි දෙන්නාගේ විතරක් නම්
කාගෙන් වත් කරදරයක් නෑනේ කියලා...
ඔයා හැමදාම කියන්නෙ ගල් බංකුව උඩට වෙලා
මං ඔයාගේ තොල් පෙති වල රස බැලුවාම...
ඒ උණුසුම් හාදු වලට ඔයත් හරි ආසාවෙන් පණ පෙව්වා..
එත් ලැජ්ජාවට ඇඹරෙනවා වල් කොල්ලා කියලා..

හික් හික්.. හරිම සුන්දරයි නේද ඒ අතීතය?
ඔයාගේ ඇඳුම මාරම ලස්සනයි අද...
පහන් එළියට ඇඳුම දිලිසෙනවා
මට හිතෙනවා දැන් ඔයාගේ දුඹුරු පාට තොල් පෙත්තෙ
රස බලන්න වෙනදා වගේම..
ඒත් කොහොම කරන්නද ?
එව්වා ෆෝමලිං රහ ඇති
මිනිස්සු හිතයි මට පිස්සු කියලා..
නෑ මට පිස්සු නෑ...!



ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Wednesday, June 8, 2011

ආයෙ නම් එන්න එපා කවදාවත්....

ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..

එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...

අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…

මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...

ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...

මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?



ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Wednesday, May 11, 2011

මම කිනිස්ස අතට ගතිමි..

ඔයා මට ඇත්තටම ආදරේද?
ඇය ඇඳෙන් ඉස්සීමට දුබල උත්සාහයක යෙදෙමින් සිටියාය.
මම ඇයගේ ඉණවටේ අතදමා ඇයව ඔසවා තබා ඇය අසලින් හිඳගතිමි.
මම ජීවිත කාලේම ජීවත්වුනේ මේ මොහොත වෙනුවෙන්. 
ඇය සුන්දර සිනාවක් සමග අමාරුවෙන් රාත්‍රියේ අප දෙදෙනා ආවරණය කල ඇඳරෙද්ද ඉවත්කලාය.
පැල්ලම අඳුරු පැහැයට හැරී තිබුනි. අද හවසම අළුත් රෙද්දක් රැගෙන ආ යුතුය.
දැන් ඔයාගේ වාරය. 
ඇය කොලපැහැති මිටක් තිබුන කිනිස්ස මදෙසට දික්කලාය.
පිස්සු හැදීගෙන එනවාද?
මම කිව්වානේ බෑ කියලා. 
මම ඇයට ආදරේ කලෙමි.
ඔයාට ඕනි මාව විඳවලා මැරෙනවා දකින්නද?
මේකෙ අවසානයක් තියෙන්න ඕනි. ඒක වෙන්න ඕනි මෙහෙම.....
ඇයගේ දෑස් ප්‍රීතියෙන් දිලිසේ. මට ඒ දීප්තිය දරාගත නොහැක.
මම කිනිස්ස අතට ගතිමි..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Friday, December 17, 2010

නැවතුමක කතාවක්...

“මලා!”
නිදිමරගාතෙ මම වැරදි හෝල්ට් එකකින් බැහැල. ඒ මදිවට කොහෙත්ම නොදන්න පළාතක.

“උන්නැහේ මේ කොහෙද?”
මං අහල පහල පේන්න උන්නු එකම මිනිහගෙන් ඇහුව.

“අනේ මන්ද”
මිනිහ දුන්නෙ මහ විකාර උත්තරයක්. සමහරවිට මිනිහ මේ පැත්තෙ කෙනෙක් නෙමේ වෙන්නැති.

“බස් එකක් දැන්ම ඒවිද?”
කෝකටත් කියල මං ඇහුව.

“සෑහෙන වෙලාවකින් ආවෙ නෑ. මාත් ඉන්නෙ එනකම් බලාගෙන.”

“ගොඩක් වෙලා ඉඳලද?”

“ඔව් අවුරුදු ගාණක්...”

මිනිහගෙ උත්තරෙන් මට දෙලෝ රත්වුනා. එක්කො මිනිහට පිස්සු. එහෙමත් නැත්නම්.....

“ඒයි සුරේ!”

එතකොටම වගේ කොහෙදෝ හඬක් මාව ඇමතුව. හැරිල බලද්දි ඒ හඬේ අයිතිකාරය ඈතක ඉඳන් මට අත වනනව.

මිනිහ කවුද කියල හරියටම නිච්චියක් නැතත් මම ඉබේම වගේ ඒ පැත්තට ඇදෙන්න ගත්ත.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Sunday, November 28, 2010

මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලා

කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් ගේනවා කිවුව නේද...?
අනේ රත්තරන්... අමතක උනා...
ඔයාට.... මං මග බලන් ඉන්නවා කියලා....?
දෙවියනේ..... ඔයා ඇරෙන්න හැමදෙයක්ම අමතක උනා
මට මුකුත්ම නැතිවට කමක් නෑ...
පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?
ඔයා ආවා මට ඒ ඇති...
ඔයා දන්නවනේ පැන්ඩෝ..... මං ඔයාට ජීවිතේට එක බොරුවක් කියලා නෑ
අපෝ.... මං නොදන්නා ඔයා... ඔයා කට ඇරියොත් කියන්නෙම බොරුමයි
ආදරේටනේ..... එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා
පිස්සා.... මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.....
මං හැම තිස්සෙම හිතනවා කියලා..... දැන් වත් තේරුනාද?

[දෙයියනේ.... එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ.... මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා. (http://asipiyakamahima.blogspot.com/)

Sunday, October 10, 2010

මගේ ලෝකයෙන් උන්ගේ ලෝකයට

මුලු ලෝකයම මා වටා හිටියත් මම තනිවෙලා...
හැම කෙනෙක්ම ජිවත් වුනේ තම තමන් විසින් නිර්මාණය කරගත් තමන්ගේ ලෝකයන් තුල..
මට මං වගේ ජිවිතයක් හදගන්න ගත් තිරණයට උන්ට වැරැද්දක්ලු…
එසේ වු උන් මගේ ලෝකය වෙනස් කරන්නට සැරසෙනවා…..
අවී අමොරා මා මරන්නට හදනවා...
ප්‍රේමයෙන් මාව මුදවන්න හදනවා....
හිතේ සතුට නැති ජිවිතයක පලය මුදල් නොවන වඟ හිතන්නට එකෙක්ටවත් උවමනවක් නැති තරම් උන් අන්ධ වෙලා………..
මහප්ප්‍රාණ අකුරු එකතු කරලා ගොතපු වාක්‍ය වලින් මුන් මාව වටලන්න හදනවා මුන් නිරුවතින් ඉදගෙන අනුන්ගේ නිරුවතට හිනා වෙනවා....
දානයක් මානයක් නොදුන්නු
බණ පදයක් නොඇසු උන්
“බ්‍රහ්ම ලෝකේ” ගිහින් උපදින්න හීන මවනවා....
මට පිස්සු නෑ දෙයියනේ උඹලට එහෙම මාව පේනවද........?

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...