Showing posts with label මදුරුවා. Show all posts
Showing posts with label මදුරුවා. Show all posts

Thursday, January 27, 2011

මදුලාගේ කතාව!

මදූරි ආපහු කොලනියට එන්න හොඳටම වෙලා...

මදුර ඒ ගැන කල්පනාවක....

ඉවසන්න බැරිම තැන මදුර නැගිටලා මදුරි ඊයෙ ගිය ගෙදර පැත්තට ගියා.

නයිට් ෂිෆ්ට් එකේ මදුරි ‍ගෙවල් අස්සෙ රිංගන්නෙ දරුවො හදාගන්න පෝෂණේ හොයන්න.

ජීවත්වෙන්න ඉතිරි වෙලා තියෙන ටික කාලෙ ඇතුලත දරු පැටව් ටිකක් හදල ලෝකෙට යුතුකම් ඉෂ්ඨ කරන්න එපැයි...

නපුරු මූණක් තිබුණ කෙල්ලක් ගාවට ගිහින් මදුර කරුණාවෙන් විමසුවා මදුරි ගැන! කෙල්ල බිත්තියට ඇඟිල්ල දික් කලා.

මදුරි බිත්තියේ තැලිල. හදවත බිඳිල සීසීකඩ...

මදුරට ආපු ආවේගෙට පිස්සු හැදුණා. ඔහු කෙල්ලගෙ අතින් උස්සලා පොලොවෙ ගහල සුන්නද්දූලි කරන්න හැදුවා...

මදුරට තමන් කවුද කියන එකත් අමතක වුණා...

අන්තිමේ මදුරට මතක තිබුණෙ ලොකු අත්ලක රේඛා ටිකක්!

"චටාස්"


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Friday, January 21, 2011

ගම වටේ...!

කඨින චීවරය ගම වටේම ගියා. ගමෙන් තුන්කාලක සාදුකාරෙ ඒ පස්සෙන් වැටුණා...

එන්න බැරි උදවිය පාන්දර 4ට නැගිටගෙන ගෙවල් ඉස්සරහ ඉඳන් චීවරයට අතගැහුවා...

හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...

කඨින ධර්ම දේශනාව අතරෙ පෙරහැරේ ගිණි බෝල කරකවපු නවිඳු මල්ලිට මදුරුවො දශ්ඨ කලා...

එයාට ඩෙංගු හැදුණා...

එතනින් පටන් අරන් ඩෙංගු බෝ වෙන්න ගත්තා... ගම වටේම...

පී.එච්.අයි. මහත්තුරු දෙවතාවක්ම මදුරුවො බෝවෙන තැන් විනාස කරන්න කියල එනවුන්ස් කලා...

ගමේම පත්‍රිකා බෙදුවා... පෝස්ටර් ගැහුවා...

එයාලටම ඇවිත් ගම වටේම බලන්නත් වුණා.

සෑහෙන කාලයක් ගියා. කීප දෙනෙක් මැරුණා...

මිනිස්සු අල්ලපු ගෙවල්වලට බැණ බැණ හවස 4 වෙද්දි ජනෙල් වැහුවා...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Tuesday, December 14, 2010

සොරි මදූ...!

ඊයේ රෑම තිබ්බේ පුදුම සීතලක්...

මෙහෙත් නුවරඑළිය වෙන්න යනවා වගෙයි..

ඒත් ඉතිං ඔළුවේ ඉඳන් පෙරවගෙන ෆෑන් එක දාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ මදුරු වසංගතෙන් ගැලවෙන්න..

කොයිල් පත්තු කරලා ඒවා හදපු උන්ගේ අම්මලව මතක් කරනවට වඩා හොඳයි වෙව්ල වෙව්ල හරි ෆෑන් එක දාගන්න එක..

අද උදේ ඇස් අරින කොටම ඇස් දෙක ඉස්සරහා බිත්තියේ මෙන්න ඉන්නවා මධුරි..!

......

අද දවල් මගේ කාමරේට ලොකූ මදුරුවෙක් ඇවිත්..

කූ කූ ගගා කණ අයිනේ කැරකෙනවා.. බඩගින්න‍කුත් නෑ වගේ...

හරිනේ.. ඌ ශාකභක්ෂක. කූ කූ නෙවෙයි මධුරි කෝ මධුරි කෝ අහන්නේ..

මං ඌට සොරි කියලා බිත්තියේ පැල්ලම පේන්නුවා..

ඌත් දං ගෙඩියට බෙල්ල තියන්නං ‍කියලා මගේ අතටම වැහුවා..

“චටාස්”

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Wednesday, September 29, 2010

අවාසනාවට ඇත්ත කතාවක්!


ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැණුදු මා ඉදිරිපිට සියුම් ජල පහරේ වැදිවැදී සැලෙයි. මා හට කෙතරම් රිදෙව්වද ප්‍රාණයක් නොවෙත්දැයි යලිත් වරක් සිත මිමිනුවේය. නැවතත් බඩ රිදීමට ගත් බැවින් සියලු සංස්කාර ධර්මයන් පසෙක දමා එම වැඩෙහි නියැලිය යුතුව ඇත.

*******************************************************************************

තකහනියක් සරම කඩාගෙන වැසිකිලියට දුවගත්තේ පෙර දින රාත්‍රියේ කෑ හන්දියේ කඩේ කොත්තුව, බඩේ කනු කුනු ගාන්නට ගත් නිසාවෙනි. නිදහස් නිවහල් රාජ්‍යයක අතරමංව සිටි මට ඇගේ මල වද ඉවසිය නොහැකි විය. දවසේ සොඳුරුම මොහොත ඈ කා දැමුවේය.

********************************************************************************
මනස තවත් නොකැලඹෙනු පිණිස ඝන ටැප් වතුර පහරක් ඇය දෙසට හරවා ඇයව දෘෂ්‍ය පරාසයෙන් ඉවත් කලෙමි. ඈ නම් වූ තවත් එක් මදුරුවාට මට නොවිදිය යුතුව තිබුනි.
ලියා එව්වේ - මුචලින්ද ( http://muchalindha.blogspot.com/ )

Related Posts Plugin for WordPress, Blogger...