Showing posts with label ඉර. Show all posts
Showing posts with label ඉර. Show all posts

Tuesday, July 5, 2011

ගමෙන් ගෙනාපු සිතුවිලි

මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.

ලියා එව්වේ - නුවන්තා දිල්හානි

Sunday, May 29, 2011

ඉර

රතුම රතුපාටට අහසේ තිලක තියලා හිරු සාගරේ අග්ගිස්සට වෙලා අන්තිම වතාවට ලෝකෙ දිහා බලන වෙලාවේ මම ඔයාගේ උරිස්සට හේත්තුවෙලා..

මුහුදු හුළඟ මගේ කොණ්ඩේ හොඳටම අවුල් කරලා..

දැන් නම් නියම පිස්සි... මගේ ඔළුව අත ගගා ඔයා ආදරෙන් මුමුණනවා මට ඇහුණා....

මම කිසිම සද්දයක් නැතුව ඔයා ගේ උණුහුම විඳින්න ඇස් පියාගෙන..

ඔයා නිදිද? මට පාළුයි නැගිටින්නකෝ ඉතිං.....

මම නෑහුන ගානට ඇස් දෙක තවත් තද කරලා පියා ගත්තා..

ඔයා හෙමින් ඔළුව පාත් කරලා එකපාරටම මගේ නළලට උම්මා එකක් දුන්නා..

අනේ තව එකක්

මං ඇස් පියා ගෙනම කිව්වා

කට්ට කෙල්ල

ඉරත් හිනා වෙවි මුහුදු පතුලට යන ගමන ඉක්මන් කරන හැටි නෙත් කොනට මට පෙනුනා....


ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

Related Posts Plugin for WordPress, Blogger...