Showing posts with label මගේ සඳ. Show all posts
Showing posts with label මගේ සඳ. Show all posts

Friday, July 6, 2012

ප්‍රථම ප්‍රේමයෙන් පසු

ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ
ආදරය ගෙල වැලලාගෙනද
රෝමියෝ ජූලියට් මැරුනට
කතා පොතේ හැටියට
අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය
දෙවනි ප්‍රේමයතුල
පලවැනි ආදරය සොයා යන මුත්
නොලැබෙනා ආදරය තුල
කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....
ගලා යන කදුලැලි
ප්‍රථම ආදරයට මිස
නොමැති බව දන්නේද
දෙවැනි ආදරයට ඉඩක්...
කියන විට අවැසි බව නිවසක්
පැද යන්න රෝද හතරක වාහනයක්...
අමතක කර දමා හැර යනු මිස
මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...
ගෙදරින් ගෙනෙන කටයුත්තක
නිහඩවම සිට රකිමින් මුනිවත
රැගෙන ඇය තුරුලට
විදින්නට සිතනු හැර මතක් වේවිද
සාලිය අශෝකමාලා දෙදෙනත්.......
ඇයගේ දෙමවුපියනුත්
පතයි නිවසක් සමගින් ආදරයක්
නොලැබෙනා විට එවන් මිනිසෙක්
ඇයට දෙයි පත්තරේකින් කොටසක්


ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Friday, November 26, 2010

තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද

කොලුවෝ……………
ඇයි බාසුන්නැහේ.....
මෙන්න මෙහෙ වරෙන් ඇවිත් ඔය මයින හම ඇඳපං.........
ඇයි ඔය යකඩේ රත් කරන්නේ
තලාගන්න ලේසිනේ බොල... රතුපාට වෙනකංම රත් කරාම තලාගන්න ලේසියි කියල බොට මං කියල තියනව නේද?.. කටවහගෙන ඕක ඇදපිය
ආහ්.. දැන් ඒක ගිනියම් වෙලා.. රතු පාටයි... ලේ වගේ වෙලා
හරි දැන් විගහට ගිහින් අඩුව ඇන්න වරෙන්………..
දැන් අල්ලපං ඕක අඩුවෙන්……….
මාමේ..
ඇයි බං.. වද දෙන්නේ ඕක හයියෙන් අල්ලං හිටපිය..
ඔය තරන් හයියෙන් යකඩෙට ගහන්න ඕනිද මාමේ...
නැතුව කොහොමද බං මේ යකඩේ තලා ගන්නේ…….
ඔය තරන් හයියෙන් ගහනවා නන් මාමේ ඇයි යකඩේ රත් කරේ
තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද මාමේ………………
කටවහගෙන කියන මං දේ කොරපිය…………..

ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...