Showing posts with label රසික කාරියවසම්. Show all posts
Showing posts with label රසික කාරියවසම්. Show all posts

Saturday, July 30, 2011

දුයිෂෙන්

ගුරු ගීතයෙහි දුයිෂෙන් අතීතය සිහිපත් කරයී ..


සාමය මල් සුවඳක් වී සැම සිත් සිපගෙන හැමුවා

ගම්මානෙට නුහුරු නැවුම් සුවඳක් ඒ තුළ තිබුණා

කඳු පෙළ ගම වටකර සුවඳැති සුළඟට වැට බැන්ඳා

ඒ කඳු මැද පටු නිම්නය මා දැක පෙර මඟ කීවා


රෑ සිහිනෙන් දුටු ලෝකය ඔය දෑසින් මා දුටුවා

ගත ඩා බිඳු මිහිකත හා එක් වී පාසැල තැනුවා

ඔබ දෑතින් ගොම ඇතිරූ බිම මුදු පලසක් වූවා

සැදු පාසැල තනි වෙනවා නුඹ අද සමුගෙන යනවා


අල්තිනායි නුඹට ඉරක් හෙට අලුතින් පායනවා

මගේ පුංචි කුමාරියේ නුඹේ ලොවට එළි වෙනවා

පොප්ලර් ගස් යාය මැදින් ගම්මානෙට සඳ එනවා
දුම්රියපොළ දැන් පාළුයි රෑ වෙනවා මම යනවා


ලියා එව්වේ - රසික කාරියවසම් (http://wikasitha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...