Monday, January 10, 2011

පොල් ටොපි

පොල් ටොපියක් සත විසි පහයි
හරිම හරි ලාබයි

රුපියල් දෙකට පොල් ටොපි අටක් ලැබෙනවා
හරිම හරි රසයි

රෝස පාට, ලා කොල පාට, කහ පාට, ලා නිල්පාට පොල් ටොපි
කටේ දාගන්න විතරයි තියෙන්නෙ
කට ඇතුලෙදිම දියවෙලා
පොල් කෑලි ටික විතරක් කටේ ඉතුරුවෙනවා

වැඩිය කෑවොත් මත් වෙලා යනවා
රස වැඩි කමටද කොහෙද

ඔයාට මතකද, බෝමලුවේ බිම වාඩි වෙලා
අපි දෙන්නා පොල් ටොපි කාපු හැටි

මම පොල් ටොපි අරගෙන එනකන් ඔයා බෝමළුවෙ බලාගෙන හිටියා
මම කලින් ආපු දවසට ඔයා එනකන් මම බලගෙන හිටියා
ඔයා ඈතට ඉගිලිලා ගියා

මම බලාගෙන හිටියා
පොල් ටොපි අතේ තියාගෙන
ඒවා අතේම දියවෙලා

පොල් ටොපි
හරියට උඹේ ආදරය වගේමයි...


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

5 comments:

  1. මත් වුන වෙලාවක හිතුනේ නැද්ද දිය වෙලා යන්නත් ඉඩ තියෙන බව

    ReplyDelete
  2. ජීවිතයේ ඉස්සෙල්ලාම මේ විදිහට මත් උනහම වෙන දෙයක් පේන්නෙ නෑ..... හිතෙන්නෙ හැමදාම ඒ රසය විඳින්න විතරයි. නින්දෙන් වගේ ඇහුරුනහම තමා දැනෙන්නෙ ඒක පුදුම නපුරු හීනයක් කියල....

    ReplyDelete
  3. මමත් මුලින් ආදරේ කලේ ඒක පොල්ටොපි වගේ රසයි කියල හිතාගෙන. :D ඒත් ඒව ගොඩක් කටේදිම දියවෙලා යනව කියල තේරුණාට පස්සෙ මට ආදරේ පොල්ටොපි වගේ පෙණුනෙ නෑ... තාම මම ඒක සමාන කරන්න දෙයක් හොයනවද කොහෙද... ඒත් එහෙම හොයන එකත් තේරුමක් නෑ වගේ... මොකද අන්තිමේදි ආදරේ කියන එකට දෙන්න පුළුවන් අර්ථයන් වෙනස් වෙන විධියට ඒකට සමාන කරන්න වෙන දෙයක් නෑ වගේ... ඒ වුණාට ආදරේ දැණෙන්න ගනිද්දි ඒක පොල් ටොපි වගේ තමයි!!!

    ReplyDelete
  4. මට නම් මේක අහලා පොල් ටොෆී කන්නත් එපා උනාද කොහේද? මම හිතාන හිටියේ මේ තරම් කල් පොල් ටොෆී කියන්නේ පාට වගේම රහත් ඉස්තරම් කියලා.
    ඔය වගේ කෑම ආදරේට සමාන කරනවද මම අහන්නේ...?

    ReplyDelete
  5. පොල් ටොෆි ආදරේ වගේ ? ඔව් නේන්නම් වෙලාවකට

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...