''අම්මලාට ගිය මාසෙ ලයිට් හම්බෙලාලු...''
''ආ..ඇත්තද.....''
''අපි ඒ පැත්තෙ ගිහින් එමුද හෙට අනිද්ද?''
බිරිඳගේ පෙරැත්තය නිසාම පසුගිය සති අන්තයක අපි ඇයගේ මහගෙදර බලා පිටත්ව ගියෙමු.
"අපි මොනවද අරන් යන්නෙ...?"
ඇය නගරයේ ලොකු සාප්පුවකින් stand fan එකක් උස්සගෙන ආවාය.
"තාත්තට සතුටු හිතෙයි..."
"හ්ම්.."
අප එහි යන විට රාත්‍රී හත අට පමණ වී තිබුණි. වහා ඇඟ සෝදාගත් මා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදීම හදිසියේ විදුලිය විසන්ධි විය. එකෙනෙහිම කාරුණික වූ නැන්දනිය ඉටිපන්දමක් දල්වා කෑම මේසයේ අප අසලින් තැබුවාය.
" අම්මේහ්... හරි ඌෂ්ණෙ..."
මාමණ්ඩිය මොහොතකින් කියන්නට විය.
"දූ ගෙනාව ෆෑන් එක දාන්නද...?"
නැන්දම්මා අසයි,
"ඔහේට පිස්සුද හැබෑට ඉටිපන්දම නිවෙනවනෙ..."
වහා කිපෙන සුළු මාමණ්ඩිය බෙරිහන්දෙයි.
ලියා එව්වේ - සුදර්ශන දිසානායක