බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.
බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
Showing posts with label මරණය. Show all posts

Wednesday, February 5, 2014
Friday, January 25, 2013
මරණය තළුමරමු!
පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි.
අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද?
ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ.
ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු.
බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ...
අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ.
බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ...
නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ කට්ටිය වට වෙලානේ..
ඔව් එක පාරින් වෙන් වෙන්න තමයි ගහන්නේ...
අනේ අපේ පැත්තෙ රවුටරේ කැඩිලනේ. ඔයාලගෙ එකෙන් බලන්න පුළුවන් නේද?
ඕක ක්ලෝස් කරන්න එපා කියන්න. AO මහත්තයටත් බලන්න ඕන කිව්වා.
තව බලපු නැති අය ඉන්නවද? දැන් ගෙදර යන වෙලාවත් හරි.
ලියා එව්වේ - hare :-)

Friday, June 29, 2012
රොන්ග් නම්බර්!!
මැදියමේ දුරකතනය නාද විය.. නිදිබර හඬින්ම ඇමතුවෙමි.
"හෙලෝ..."
එහා පිටින් ඇහුනේ ඉකිබිඳුමකි.
“පවන්...... මම යනවා..... යන්නම යනවා..... මට අයිතියක් නැතිනම් ඔයාගේ වෙන්න මම කොච්චියට පැනලා මැරෙනවා” පසුබිමින් දුම්රියක හඬක්ද ඇසේ.
"එපා මැරෙන්න... එපා!!... අපිට පුළුවන් අපේ වෙන්න.." කලබලේට මම කිව් දේවල් ගැන මටත් පුදුමයි.
"පවන්!!! ඔයා ඔය ඇත්තමද කියන්නේ.. අපේ හැම ප්‍රශ්ණයක්ම ඉවරද.. කියන්න පවන්."
"ඔව්.. ඉවරයි.. දැන් ඔයා යන්න ගෙදර... දැන්ම... අපි හෙට කතා කරමු.."
"යන්නම්... විශ්වාස කරන්නත් බෑ පවන්... මම ගෙදර ගිහින් ගන්නම් ඔයාට."
සැනසිලිදායක ගැහැණු හඬ දුරකතනයෙන් නෑසී ගියා.
මම සිහිඑලවා ගන්නට උන්සහ ගතිමි. මම පවන් නොවෙමි.
ඇයගේ නම නොඇසීම ගැන පසුතැවුනෙමි.
රොන්ග් නම්බර්!! කීවානම් පසුතැවිල්ලක් නැත.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Sunday, May 13, 2012
ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!
ජීවිතේ අත්දැකීම් එක්ක මිනිහෙක් ඵල බර වෙනවා. හැබැයි නියම මිනිහෙක් කවදාවත් එහෙම වුණා කියල පිම්බෙන්නෙ නෑ. එයා තව තවත් මිනිස්සු දිහාවට බර වෙනවා. හරියට ඵල බර වෙද්දි ගස් වල අතු පහලට නැමෙනවා වගේ.
එහෙම මිනිස්සු ජීවිත කාලෙදිම ලබපු අත්දැකීම් එක්ක බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ වින්දනය කරන අය.
බ්ලොග් අවකාශෙත් එහෙම මිනිහෙක් හිටියා. හැමෝටම හිනාවෙලා කතා කරපු ඔහු කමෙන්ටුවක් ඇතුලෙත් පතුරු යන්න හිනාවුණ පොළොවෙ හිටපු මිනිහෙක්!
ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!
ඔහු සියය අඩවියට වචන 800ක් ලිව්වා. ලියපු බොහොම දෙනෙක්ව කමෙන්ටුවකින් දිරිගැන්නුවා. හැමෝටම වඩා හොඳින් හිනා වුණා.
ජීවිතේ කියන්නෙ අපි හිතාගෙන ඉන්න එකම නෙවෙයි කියලා ජීවිතෙන් ඔහු අපට පෙන්නුවා.
ඔබට නිවන් සුව!

Monday, February 27, 2012
මම මිය ගිහින්
පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.
අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..
නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..
නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Monday, September 26, 2011
මහේෂ්ට නිවන් සුව...
අපි පෞද්ගලිකව හඳුනා නොගත්තක් මහේෂ්ගේ වචන සීයෙන් අපි ඔහුව හඳුනා ගත්තා. අහිමිවීම යනු ලෝක ස්වාභාවයක් කියාගෙන අපට අපේ වචන සීයක් රචනාකරන රචකයෙන් අහිමි වුනා. ඒ වගේම ලෝකයට පුතෙක් සහෝදරයෙක්, මිතුරෙක්, මේ වගේ විවිධ චරිත ගණනාවක් මහේෂ්ගේ ලබැඳියන්ට අහිමි වෙන්න ඇති.
මේක හුදෙක් ශෝකය පලකිරීමක් වෙන්න පුළුවන්. මහේෂ් කළුද සුදුද කියන්නවත් අපි දැනගෙන හිටියේ නෑ. මහේෂ් නැතිවුනාම මහේෂ් හමුවෙන්න අපිත් යයි. අපිත් දුක බෙදාගන්න උත්සාහ කරයි. ඒත් OneZeroZero කියවන අයට මහේෂ්ව මතක තියෙයි.
මේකත් හෙටින් පස්සේ පරණ වුන සීයේ ගොඩට එකතු වෙයි. නමුත් මහේෂ්ගේ සීයේ කතා ටික හැමදාම රැඳිලා තියෙයි.
මහේෂ්ට නිවන් සුව.. අපි කොහේදීහරි හමුවෙන්න ඉඩ තියෙනවා.. එතකම් ආයුබෝවන් මිත්‍රයා...
ලියා එව්වේ - සීය ගණින අපි.. (පින්තූරය පොපීගෙන්)
මේක හුදෙක් ශෝකය පලකිරීමක් වෙන්න පුළුවන්. මහේෂ් කළුද සුදුද කියන්නවත් අපි දැනගෙන හිටියේ නෑ. මහේෂ් නැතිවුනාම මහේෂ් හමුවෙන්න අපිත් යයි. අපිත් දුක බෙදාගන්න උත්සාහ කරයි. ඒත් OneZeroZero කියවන අයට මහේෂ්ව මතක තියෙයි.
මේකත් හෙටින් පස්සේ පරණ වුන සීයේ ගොඩට එකතු වෙයි. නමුත් මහේෂ්ගේ සීයේ කතා ටික හැමදාම රැඳිලා තියෙයි.
මහේෂ්ට නිවන් සුව.. අපි කොහේදීහරි හමුවෙන්න ඉඩ තියෙනවා.. එතකම් ආයුබෝවන් මිත්‍රයා...
Labels:
මරණය,
මහේෂ් හශාන්ත සිල්වා,
වෙන්වීම,
සීය ගණින අපි
Wednesday, June 22, 2011
වෙඩි තැබීම
මහසෙනගක් රැස්වෙලා. නඩුවක්.. කාගෙද? පහුගිය දිනක නගරේ මරලා දාලා තිබුණු නගරාධිපතිතුමාගේ මිනීමරුවා අහුවෙලා. අලුත් නගරාධිපති නඩුව අහනවා. මහා සෙනගක් බලන් ඉන්නවා.
නගරාධිපති - උඹලම නේද හිටපු නගරාධිපති තුමාව පත්කරේ. මට මතකයි තෝ අන්තිම දවසේ එතුමා කරතියාගෙනත් ගියා අපේ එකා දින්නා කිය කිය.. බොරුද මම කියන්නේ.
මිනීමරුවා: ඇත්ත.. මම ඌ කරතියාගෙන ගියේ අපි වගේ මිනිස්සුන් වෙනුවෙන්...
නගරාධිපති: එතකොට එහෙම පත්කරපු එතුමා මරලා දැම්මේ මොකටද?
මිනීමරුවා: ...ඒත් මිනිස්සු වෙනුවෙන්
නගරාධිපති: එහෙමද?.. ආරක්ෂකයනි මුට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න අණ කරනවා
මිනීමරුවා - හ්ම්ම්.. අපි මැරුණේ ටික කාලෙකට කලින්.. දැන් වෙඩි තියපල්ලා.. ඒත් හිටපු නගරාධිපතියා අපිට වෙඩි තිව්වේ කලින්.. දැන් මැරෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ අපිට
ලියා එව්වේ - Janaranga Dewasurendra (http://www.hearttoheartsrilanka.blogspot.com/)

Friday, June 10, 2011
මට පිස්සු නෑ....
පාර්ක් එකේ අපි උන්නෙ අපේම ලෝකයක..
ගාර්ඩ් අයියලා කොච්චර බැන්නත්
අපි අපේ ලෝකෙක තනිවෙලා උන්නෙ
මේ ලොකේ අපි දෙන්නාගේ විතරක් නම්
කාගෙන් වත් කරදරයක් නෑනේ කියලා...
ඔයා හැමදාම කියන්නෙ ගල් බංකුව උඩට වෙලා
මං ඔයාගේ තොල් පෙති වල රස බැලුවාම...
ඒ උණුසුම් හාදු වලට ඔයත් හරි ආසාවෙන් පණ පෙව්වා..
එත් ලැජ්ජාවට ඇඹරෙනවා වල් කොල්ලා කියලා..
හික් හික්.. හරිම සුන්දරයි නේද ඒ අතීතය?
ඔයාගේ ඇඳුම මාරම ලස්සනයි අද...
පහන් එළියට ඇඳුම දිලිසෙනවා
මට හිතෙනවා දැන් ඔයාගේ දුඹුරු පාට තොල් පෙත්තෙ
රස බලන්න වෙනදා වගේම..
ඒත් කොහොම කරන්නද ?
එව්වා ෆෝමලිං රහ ඇති
මිනිස්සු හිතයි මට පිස්සු කියලා..
නෑ මට පිස්සු නෑ...!
ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Thursday, April 21, 2011
මැරුණට පස්සේ
ලොකු දුව දැන්ම බඳින්න අදහසක් නැද්ද?
තාම නෑ කෙනෙක් ඉන්නවා..
ආ.. නෑදෑයො වෙන කෙනෙක්ද? මොකද්ද රස්සාව..
නෑදෑයෝ නෙමේ. කොම්ප්‍යුටර් මොකද්ද එකක වැඩ.
හොඳයි නේද?
හ්ම්ම්...
එයා අපේ ජාතියේ නෙමේයි කියලා ආරංචි උනේ හැබැයි.
හ්ම්ම්....
ඔයාලා හොයලා බැලුවේ නැද්ද? මොනා උනත් අපේ කෙනක්ම නම් තමා හොඳ නේද....
එයාලාගේ කැමැත්තනේ.. අපි වැඩි කල් ඉන්නෑ. මේ එයාලගේ ජීවිතේ.
ඒත් ඉතින් මැරුණම එහෙම කොහොමද ඒ චාරිත්‍ර. අපේ ක්‍රමේටද එයාලගෙ ක්‍රමේටද?
මැරුණට පස්සේ කොහොම උනාම මොකද. කොහොම කරත් පොළවට නේ.
ඒ උනාට එහෙම හොඳද. කොහොමත් ආගමෙන් පිට ගියාම අපේ ක්‍රමේට බෑ.
ලොකු දුව මැරෙණ කාලෙට නැන්දා පණ පිටින් හිටියොත් බලාගන්නකො කොහොමද චාරිත්‍ර කෙරෙන්නේ කියලා.
.......................!
ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Friday, December 31, 2010
ගැට තුන
එක්තරා ගැමියෙකුට දිනක් ගමනක් යන අතරතුර බිම තිබී ලණු කැබැල්ලක් හම්බුනා. මේක රියනක් විතර දිග පුංචි ලණු කෑල්ලක්. එක කෙලවරකට වෙන්න එකිනෙකට තරමක් ඈතින් ගැට දෙකක් තිබුනා. මේ ගැට දෙකෙන් ඈත්ව අනිත් කෙලවරට ලංව තව ගැටයක් ගහලා තිබුනා. මෙහි කුමක් හෝ අද්භූත තේරුමක් ඇතැයි සිතූ ගැමියා ලණු කෑල්ලත් අරන් ගම ආසන්නයේ කැලේ බවුන් වඩමින් ජීවත් වෙන ඍෂිවරයා ලඟට ගියා. ලණු කැබැල්ල අතට ගෙන මොහොතක් කල්පනා කළ ඍෂිවරයා අපූරු පිළිතුරක් දුන්නා.
"මේ මුලින්ම තියෙන ගැටේ තමයි උඹේ උපත. ඒ ලඟින් තියෙන අනිත් ගැටේ උඹේ මරණය. ඊට ගොඩක් ඈතින් තියෙන තුන්වෙනි ගැටේ තමයි මේ ජීවිත කාලය තුල උඹ සපුරාගන්න හිතාගෙන ඉන්න බලාපොරොත්තු...."
ලියා එව්වේ - සකි

Tuesday, December 28, 2010
ආයෙත් කසාද බඳිනවද ?
"සිරි, ඔයා මට කොච්චර ආදරේද..?"
"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"
"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"
"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"
"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."
"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."
"ඔයා බඳිනවා...?"
"ඔයා කියන හින්දා...."
"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"
"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."
"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"
"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."
"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"
"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."
"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"
"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"
"ඈහ්....?"
"ඌප්ස්...!"
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, December 12, 2010
අත්තම්මා.
මුලු රැය පහන් වන තුරා මම ඇගේ හිස අද්දරට වෙලා උන්නා..
විටින් හිස අතගැවා…
මූණට අත තියලා බැලුවා…
හුගාක් සීතල වෙලා....
දවසට දහ දොළොස් වතාවක් බුලත්විට කෑ ඇගේ දෙතොල් සුදුමැලි වෙලා....
මූණ පුරාම හෙව්වේ හිනාවක් එත් පුංචිම හිනාවක්වත් එහි තිබුනේ නෑ.
මාව මඟ බලන් ඉන්නවා වගේ මට දැනුණා.
"උදෙන්ම මගේ කෙල්ල එවී....ඊට පස්සේ මම මැරුණට කමක් නෑ"

"අන්තිමට කිව්වේ එච්චරයි.."
"උඹ එනකන් බලන් හිටියා දුවේ"
කව්දෝ එහෙම කියනවා ඇහුණා.
"පැය දෙකක් ඉවසුවේ නැත්තේ ඇයි මගේ අත්තම්මේ...........!!!
එහෙම උනා නම් ඔය ඇස් මෙහෙම බලන් ඉන්නේ නෑ"
මහ පාන්දර ඒ කෑගැහිල්ලට හැමෝම අවදි උණා.. එත් මගේ අත්තම්මා තාමත් ඇස් වහගෙන නින්දේ...
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Tuesday, November 16, 2010
ප්‍රතිසන්ධිය...
ගොම්මනේ මූසලබව කපාගෙන නින්නාද දුන් ගාලු කුමාරියගේ විලාපය පැතිරුණු අන්ධකාරය කෙමෙන් කෙමෙන් ගිල ගත්තත්, ලය දැරූ වේදනා එලස මකන්නට නොහැකි බව මියැදෙන හිරුත්, දූවිලි දැරූ සුළඟත් ඇරෙන්නට දැන සිටියේ කැලෑ වැදුනු සිල්බර කොටන් කිහිපයකුත් පමණයි.
වියපත් සයුරේ ඉම සෙවූ නෙත්කොනින්, රූරා වැටෙන කඳුළු බිඳු ඔහේ ගලාවිත් වැලි මත වැටී බොඳවී ගියත්, ඇදුම් කන කම්මුලෙත් රිදුම් දෙන හදවතෙත්වූ වේදනා තව කල්පයක් වුව රැඳෙනු ඇතැයි ඇයට සිතුණි. "පොඩි එවුන් දෙන්නගෙම නාමෙන්.. මම මැරෙන්නෙ නෑ දෙයියනේ.. මට මැරෙන්න බෑ.."
උන් දැරූ කුස පුරා ඔහු වැර දරා දුන් පාපහරටත් වඩා නෙක වේදනා විඳින්නට ඒ කාන්තියම ඇගේ සරණම වේවායි ඔහේ ඇදී ගිය රුහුණු කුමාරියටත් හිතෙන්නැති..
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Thursday, November 11, 2010
ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත...
මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා.....
මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ.... කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට...
කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ
ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ.... පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....? තියන්නම් පැටියො... උම්මා
බීප්... බීප්.... බීප්....
ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා

Thursday, October 28, 2010
ආදරණීය මෙරුවා!!!!!!!!!
අනේ පව්!!!
ඇති යාන්තම් දැන්වත් තේරුණා
මොකද්ද?
ඒක...
ඒක කිව්වේ............?
ඒක කිව්වේ, මං පව් කියන එක
ඔයාට වැරදිලා........
මට වැරදිලා?........ ඇයි?
ඔයාට නෙමෙයි පව් කිව්වෙ.
එහෙනම්?
අර මෙරුවාට.....
මොනවා........ මෙරුවෙක්ට?
බලන්නකෝ ඒ සතා විඳින දුක තටු දෙකම
වතුර බිංදුවේ ඇලිලා.
අනේ ඌව බේරන්නකෝ..........
මට බැහැ!!!!!
බැහැ?
ඔව් බැහැ තමයි
එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.
නැත්තම් ඉක්මනටම ඌ මැරේවි.
මැරිද්දෙන්!!!
නපුරා!!!
අනේ ඇත්තට ඔයාට නම් පිස්සු.
ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත
ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා.
මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි
අහගෙන ඉඳලා තියෙන්නේ, මැරෙන්න දඟලන
මෙරුවෙක් ගැන හිත හිතා ඉඳලා.
අනේ පව්!
මෙරුවාද?
නැහැ... ඔයා!
ලියා එව්වේ - RanDil (http://ranrandil.blogspot.com/)
Tuesday, September 28, 2010
හීනෙකට නමක් දෙන්න බැහැ!
හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...
හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...
"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...
ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...
ලියා එව්වේ - හිපියා ( http://hippiesjournal.blogspot.com/ )

Wednesday, September 15, 2010
දුටු සතුට
සුපුරුදු බස් නැවතුමේ සිට අතරැදි ඔරලෝසුවට නෙත යැවුනේ කීවෙනි වරට දැයි මතක නැත. දැන් දින 3කින්ම ඇය නැත. කතාබහ කර නැතත් නමගම නොදැන ගත්තත් ඇගේ එක දසුනක් මාගේ දවසම නැවුම් ප්‍රබෝධයකින් පුරවා තබයි. දින තුනක්ම ඇය එන තෙක් බලා සිටි නිසා කාර්යාලයට ගියේද ප්‍රමාද විය.
ඊළඟ බසය පැමිණුනි. එයින් බැස ගත් පිරිසකි. සියල්ලෝම වාගේ ඇගේ වයසේ පසුවූ තරුණියන්ය.
"පොල්වත්ත පාර කොහෙද"
"ම්..."
"අර තියෙන්නේ දැන්වීමක්. කොඩි තියෙන දිගේ යමු"
"ක්ෂණිකව මගේ දෑස ද ඒ දෙසට යොමු විය"
මගේ දුටුසතුටු මල මට සිනා සෙමින් බිත්තියේ ඇලවී සිටියේ අද දින අවසන් ගමන් යන බව මට දන්වමිනි.
ඒ බසය ද මට මඟ ඇරුණි.
ලියා එව්වේ - වත් ( http://www.sodurusitha.blogspot.com/)

Saturday, September 11, 2010
මණරය
ඊයේ රෑ මොනා බිව්වද මන්දා….
නැගිටිනකොට මුළු ඇඟම සැහැල්ලුයි හරියට පාවෙනවා වගේ…
මොකද මේ අද කවදාවත් නැතුව ගෙදර කට්ටිය පිරිලා….
සේරම අස් පස් කරනවා, මන් දන්නෙත් නැහැනේ, දානයක්වත් තියෙනවද????
එළ එළ අයියලා සේරම ඉන්නවා දවල්ට සෙට් වෙන්න පුළුවන්…
ආ නැන්දේ කොහොමද???
තාම ගඳ එනවද මන්දා කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?
අන්න මිනිය ගෙනාවා කියාගෙන හැමෝම කලබලෙන් ඉස්සරහට ගියා මාත් පස්සෙන් ගියා…
මාත් ඉස්සරහට ගියේ කවුද අපේ ගෙදර මාත් නොදැනුවත්වම මැරුනේ බලන්න….
පෙට්ටිය ගෙනත් ඇරියා….
මොනවා……
මන් අර මගුල් ගෙදරකට මහපු සූට් එක නේද මිනියට අන්දලා තියෙන්නේ….
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
නැගිටිනකොට මුළු ඇඟම සැහැල්ලුයි හරියට පාවෙනවා වගේ…
මොකද මේ අද කවදාවත් නැතුව ගෙදර කට්ටිය පිරිලා….
සේරම අස් පස් කරනවා, මන් දන්නෙත් නැහැනේ, දානයක්වත් තියෙනවද????
එළ එළ අයියලා සේරම ඉන්නවා දවල්ට සෙට් වෙන්න පුළුවන්…
ආ නැන්දේ කොහොමද???
තාම ගඳ එනවද මන්දා කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?
අන්න මිනිය ගෙනාවා කියාගෙන හැමෝම කලබලෙන් ඉස්සරහට ගියා මාත් පස්සෙන් ගියා…
“ හොඳටම බීලා ඉඳලා තියෙන්නේ.. “ “බයිසිකලේ ගන්න දෙයක් නැහැලු…”කවුදෝ කියනවා ඇහුනා….
මාත් ඉස්සරහට ගියේ කවුද අපේ ගෙදර මාත් නොදැනුවත්වම මැරුනේ බලන්න….
පෙට්ටිය ගෙනත් ඇරියා….
මොනවා……
මන් අර මගුල් ගෙදරකට මහපු සූට් එක නේද මිනියට අන්දලා තියෙන්නේ….
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
Subscribe to:
Posts (Atom)