දකින දකින මිනිහ අතේ
බැඳලා ඔරලෝසු ඇතේ
එක වෙලාව නොපෙන්වතේ
කියලම දුක තිබුනෙ හිතේ
අදින් පස්සේ ඒවා මතේ
එක වෙලාව දුවනු ඇතේ
වෙනුවෙන් අප හටම සෙතේ
වෙබ් සයිටුත් දාලා ඇතේ
අකුණු පවා වැදිල ඇතේ
කහටක් නැති වුනත් හිතේ
මේ වදනුත් ලියමි පොතේ
මින් මතු මේ පොළොව මතේ
හැමෝම සිනා සෙනු ඇතේ
උන්ගෙ එකම ප්‍රශ්නෙ හිතේ
දැන් නැතිවෙල ගිහින් ඇතේ
බඩු මිල අහසේ වැදුනත්
තුන් වේලට කන්න නැතත්
ලෝකය කනපිට ගැසුනත්
වෙලාව හරියටම ඇතේ
සන්තෝසය පිරිල හිතේ
(සමහර අය හිනා වෙන්නෙ
ඔච්චමට කියලත් හිතේ)
ඒ නම් ඉරිසියාව මයිහිතේ
හරිම වෙලාව ඇත අතේ
අනේ ඉතින් වෙනද වගේ
අපි
වෙලාවටම වැඩ කරනව ඕයි!
ලියා එව්වේ - හුළං