බ්ලොගර් මත බ්ලොග් ලිවීම කරපු හැමෝටම පහුගිය දවසක දෙකකදි මුහුණ දෙන්න වුණ සිදුවීම අමතක නැතිව ඇති. ලංකාවෙ අපි කරක් ගහන ෆේස්බුක් එකේ ස්ටේටස් මැසේජ්, ට්විටරයේ ට්වීට් එක්ක ගුගල්ලගෙම බස් එකේ පෝස්ට් දමමින් හැමෝම ඒ ගැන දුක් වුණා.
හරියට කන්න ලැබුණෙ නෑ වගේ හැමෝම හිටියෙ. හැමෝටම දැණුන යාළුවෙක් නැතිවුණා වගේ දුකක්. කියවන්න දේකුත් ඒ දවසට දෙකට තිබුණෙ නෑ වැඩිය. සිංහල බ්ලොග්වලින් ගොඩක්ම තියෙන්නෙ බ්ලොගර් උඩ ලියවෙන ඒව නිසා ඒ එකක්වත් අප්ඩේට් වුණේ නෑ. ආසාවට කමෙන්ට් එකක් දාගන්න විධියක් තිබුණෙ නෑ.
ඇත්තටම ගුගල්ලට උවමනා කරල තියෙන්නෙ හැමෝටම වෙසක් තිළිණයක් දෙන්න. අනිත්‍ය මෙනෙහි කරවන්න, ඉවසීම ප්‍රගුණ කරන්න.
ඒ ගැන හැමෝම ගුගල්ලාට පිං දෙමු.
ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)
Showing posts with label රජී. Show all posts
Showing posts with label රජී. Show all posts
Wednesday, May 18, 2011
Sunday, May 1, 2011
මැයි පලවනදා
මාකස් අංකල් රතුපාට කමිසය ඇඳගෙන එළියට බැස්සා. අපේ තාත්තත් කලින්දා හෝදල මැදපු රතු කමිසෙ බොත්තම් දාගන්න අතරෙ මාකස් අංකල්ට එකතු වුණා.
මම කඩිමුඩියේ අම්මා බැඳල තිවුණ බත් එකත් අරගෙන පය ඉක්මන් කලා. නිවාඩු දවසක් කියල බස් දුවන්නැතුව පුළුවනෑ. විල්සන් අයිය දැනටමත් බස් එක අතුගාන්න අරන් ඇති.
වත්තෙ මුඩුක්කු අස්සෙන් එකා දෙන්න කුණු කරත්ත තල්ලු කරගෙන ටවුම පැත්තට යනව. නිවාඩු කියල මිනිස්සු කුණු පාරට නොදා තියෙයිද? ඒ මදිවට අද රැස්වීම් වලදි පට්ට කුණු ගොඩක් එකතු වෙයි.
වත්තෙ කෑල්ල රීට ඇන්ටිට කවුද විහිළුවක් කරලද කොහෙද ගෙයි දොර මුළ ඉඳන් අඬනව.
ඇයි රීටැන්ටි?
අද බිස්නස් නැතිවෙයි බං.
ඒ ඇයි?
යකෝ අද මැයි පලවනදා.

Subscribe to:
Posts (Atom)