Showing posts with label සැන්ඩ්‍රා. Show all posts
Showing posts with label සැන්ඩ්‍රා. Show all posts

Sunday, July 24, 2011

සැන්ඩ්‍රා

ඔන්න උඹ බොරුවට හේතු කියනවා..,
යකෝ ගෑණිගේ බ්ලොගේ පෝස්ට් එකක් ගිහින් ඒ සුනංගුවෙන් කොමෙන්ට් කොටනවා..!
අපි මොකක් හරි ලියලා බලන්න කිව්වම තමා උඹට බොරු බිසීය..?

දැන් මට මොකද්ද කරන්න කියන්නේ..? හැම පෝස්ට් එකට ම එල පට්ට බෙට්ට කියල දාන්නද?

එහෙම නෙවෙයි, කොමෙන්ට් නොකලත් කමක්නෑ.., තියෙනදේ කියවලා උඹේ අදහස උඹ කැමති නම් විතරක් දාපන්.., අඩුගානේ දාලාතියෙන කොමෙන්ට්වත් කියවලා මොනාහරි දාපන්..!

දැන් ඇයි උඹ එහෙම කියන්න හේතුව..??

උඹ පෙරේදා රෑ මුතූගේ බ්ලොගේට කොමෙන්ටුවක් දැම්මා නේද??

ඔව්??

උඹේ මොකද්ද කොමෙන‍්ට් එකෙන් කිව්වේ..?

"හුරතලයට හැදිච්චි බැල්ලිපැටියා ලෙඩ උනාම දුක දැනීම සාමාන්‍ය දෙයක්. ඉක්මනටම ඔයාගේ බැල්ලීපැටියට හොඳවෙන්න කියලා පතනවා..!" කියලා..!

යකෝ "සැන්ඩ්‍රා" කියන්නේ ඒකිගේ පුංචිඅම්මා..!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...