"කර්මයට බලපාන්නේ චේතනාවයි"
ආච්චි අම්මා බණ අහනවා. මගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.
මාළු කාරයෙන් හාල් මැස්සෙක් මරන්නෙ ඇයි?
හාල්මැස්සො කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
මස් කඩ කාරයා හරකෙක් මරන්නෙ ඇයි?
හරක්මස් කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
ඒ කියන්නෙ චේතනාව එකමයි. එහෙනම් හරකෙක් මරණ පව සමානයි හාල්මැස්සෙක් මරන පව.
එතකොට එක හරකෙක්ගෙන් සපිරෙන මස් අවශ්‍යයතාව පුරවන්න හාල් මැස්සෝ කීයක් විතර ඕනෙ වෙයිද?
හ්ම්ම්ම්ම් අපි ආසන්න විදිහට ගමුකෝ දහ දාහක් කියලා.
එතකොට එක හරකෙක් සමානයි හාල්මැස්සෝ දහ දාහයි. එක හරකෙක් මරණ පව සමානයි එක හාල්මැස්සෙක් මරන පව.
අම්මටසිරි! යකෝ ඒ කියන්නේ එක හරකෙක් මරණ පව සමානයි හරක් දහ දාහක් මරණ පව!
ලියා එව්වේ - කාංචන දිල්රුක්ෂ
Showing posts with label බණ. Show all posts
Showing posts with label බණ. Show all posts
Monday, January 14, 2013
Friday, November 5, 2010
පාපය
පාර අයිනෙ ඌ වැටිල හිටිය...
බඩෙන් පහල කොටස වාහනේකට යට වෙලා... ඇඟේ කොටස් එලියට ඇවිත්... පාරෙ පස් වලට උරාගත්තු නිල් රතු මිශ්‍ර රුධිරය එක්ක සෙවෙල් සහිත දියරය වටේ විසිරිල තිබුණ.
මගෙ මුළු ඇඟම විදුලියකින් හිරිවට්ටපු වේදනාවකින් දඟලමින් ඌ හිටියෙ.
යක්ෂයා වම් පැත්තෙ තිබුණ අපායේ දොර ගාව කට කොණින් හිනා වුණා...
පෝය දවස්වලට කන් පුරා ඇහෙන බුදු බණත් ඉරිදට පල්ලියෙදි කණට වක් කරන දෙව් බණත් මගේ කන් දෙක පුරා ගෝරනාඩු කලා.
ගෙම්බා අමාරුවෙන් කට අරිමින් හුස්ම ගත්තා.

මූට තවත් වේදනා විඳින්න දෙනවද?නිර්වාණයේ ධවල දොරටුව මගේ දකුණු පැත්තෙන් බැබලුණා...
නැත්තං මරල දානවද?
මූ මැරුවොත් මම මොනතරම් පාපතරයෙක් වෙයිද?
යක්ෂයා වම් පැත්තෙ තිබුණ අපායේ දොර ගාව කට කොණින් හිනා වුණා...
පෝය දවස්වලට කන් පුරා ඇහෙන බුදු බණත් ඉරිදට පල්ලියෙදි කණට වක් කරන දෙව් බණත් මගේ කන් දෙක පුරා ගෝරනාඩු කලා.
ගෙම්බා අමාරුවෙන් කට අරිමින් හුස්ම ගත්තා.
අපායටම පල!
“චිරිස්”ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Subscribe to:
Posts (Atom)