කතාව පටන් ගන්නේ අඳුරන්නේ නැති කෙනෙකුගෙන් ලැබුන දුරකතන ඇමතුමකින්..
අවසානය 1
“ඇත්ත කියපන් ගෑනියේ. කවුද ඒ කෝල් කරපු මිනිහා. උඹට ඌත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තෝත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. හොඳ හිතින් තියන ලට්ට ලොට්ට ටිකත් අරගෙන බැහැපන් එලියට මගේ යකා අවුස්සන්නේ නැතුව.”
අවසානය 2
“ඇත්ත කියපන් මිනිහෝ.. කවුද ඒ කෝල් කරපු එකී. උඹට ඒකිත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තමුසෙත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. මම ඔක්කොම ටික ඇඳුම් පැක් කරගත්තා.. මේ දැන්ම යනවා අම්මලාගේ ගෙදර.”
කතාවට අවසානයන් දෙකක් තිබුණ උනත් අන්තිමට ගෙදරින් එලියට බැහැලා යන්න වෙන්නේ එකම කෙනාට නේද?
ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)