කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,
මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,
ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,
එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,
මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,
මම නෑ.... ඔව් ටිකක්.....
ඔයා මැරි කරන්නෙ නැද්ද?
එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,
ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?
ඔයා තරහද?
නෑ
මම දෙයක් කියන්න එන්න කිව්වෙ,
ආව..ඉතින් කියන්න අහගෙන ඉන්නෙ...
මම මැරි කරනවා,
ඇය දෙස වික්ෂිප්තව බල සිටියෙමි,
ඔයාට බෙස්ට්මන් ට ඉන්න පුලුවන්ද?
දෙනෙත කෙළවරෙහි නලියමින් තිබු කඳුලු බිංදු කිහිපයක් දෙකොපුල් මතින් රූටා කමිසය මත බොඳ විණි.
ලියා එව්වේ - සටපික්වලයා
Showing posts with label සටපික්වලයා. Show all posts
Showing posts with label සටපික්වලයා. Show all posts
Wednesday, January 23, 2013
Sunday, February 27, 2011
ඇය මගේ
ඇය මගේ,
තවකාලික බැඳීමක ආත්මර්තකාමී සිතුවිල්ල,
නමුත් ඇය මගේ නොවී වෙන කාගෙවත් උනානම්!
හිතාගන්න බැරි අවසනයක්..
එත් ඇය මගේ වෙලා හිටියනම්
ජීවිත කලයටම ඒ සොඳුරු මතකයන් අමතක නොවේවි,
ඇයට වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් ඒක හැර,
ඔයාට සතුටින් ඉන්න පුලුවන්නම් මම ඕනිම දෙයක් කරන්නම්...
එත් මට කියන්න එපා අමතක කරන්න කියල විතරක්
ආදරයේ නාමයෙන් හිත හදා ගනවා නේද?
සමහරවිට ජීවිත කාලයම තනියෙන් ඉන්න
ඒක මට කරගන්න අසාධාරණක්ද?
එත් ඒ මතකයන් අතරෙ වේදනා විඳින එක මට සතුටක්..
ඇයි දෙයියනේ මම වෙන මොනව කරන්නද!
විනාස වෙන්න තව දෙයක් නැති ජීවිතේ එකම මිතුරත් සමුගන්න තව උගුරකට වඩා නෑ..
හැමදේම අවසානයේ ඉතුරුවෙන්නේ සමුගැනීම පමණද?
ලියා එව්වේ - සටපික්වලයා
තවකාලික බැඳීමක ආත්මර්තකාමී සිතුවිල්ල,
නමුත් ඇය මගේ නොවී වෙන කාගෙවත් උනානම්!
හිතාගන්න බැරි අවසනයක්..
එත් ඇය මගේ වෙලා හිටියනම්
ජීවිත කලයටම ඒ සොඳුරු මතකයන් අමතක නොවේවි,
ඇයට වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් ඒක හැර,
ඔයාට සතුටින් ඉන්න පුලුවන්නම් මම ඕනිම දෙයක් කරන්නම්...
එත් මට කියන්න එපා අමතක කරන්න කියල විතරක්
ආදරයේ නාමයෙන් හිත හදා ගනවා නේද?
සමහරවිට ජීවිත කාලයම තනියෙන් ඉන්න
ඒක මට කරගන්න අසාධාරණක්ද?
එත් ඒ මතකයන් අතරෙ වේදනා විඳින එක මට සතුටක්..
ඇයි දෙයියනේ මම වෙන මොනව කරන්නද!
විනාස වෙන්න තව දෙයක් නැති ජීවිතේ එකම මිතුරත් සමුගන්න තව උගුරකට වඩා නෑ..
හැමදේම අවසානයේ ඉතුරුවෙන්නේ සමුගැනීම පමණද?
ලියා එව්වේ - සටපික්වලයා
Saturday, January 22, 2011
අසරණී...
ඔයාට හොඳටම උණනේ
උදේ ඉඳන්ම තිබුණා
ඇය නිරුත්තරය
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
උදේ ඉඳන්ම තිබුණා
ඇයි ඉතින් ආවේ
ඇය නිරුත්තරය
ඇඳේ ඇලවී උළු ගැන්නෙමි...
ඔයා පටන් ගන්නෙ නැද්ද?
මොකක්ද?
ඇයි අද ආවේ
නිවාඩු දවසනේ
ඉතින්,
ඔයාට උණනේ
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
ඇගේ ජීවිත කතාව මිමිණුවාය...
ඌ මාව වික්කෙ 15000 කට, මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා, මුන් මාව අතින් අත මාරු කරනවා
මම යනවා, ඔයා ඕකට බෙහෙත් ගන්න...
ඔයා ඉන්න මට දන් හොඳයි, සල්ලි ගෙවලනෙ ආවේ අපරාදේ..
සල්ලි? මම ප්‍රතිරාව කළෙමි,
ඉන්න මම වොශ් එකක් දාගෙන එන්නම්
තෘප්තිමත් අවසානයක, අවසානයේ ඈ මට තුරුල්වී සිටියාය,
ආපු තුන් පාරම මාවම ඉල්ලුවේ ඇයි?
ඇඳුම් ටික දාගෙන එලියට බැස්සේ පෙට්ටිකඩය දෙස බලාගෙනමය....
ලියා එව්වේ - සටපික්වලයා
Sunday, December 26, 2010
ඇයද ? මමද ?
"අම්මේ මම ---- අයියට මොකක්ද කියන්නෙ ?"
"ඔයාට කැමති එකක් කියන්න"
"ඔයාට කැමති එකක් කියන්න"
"මම ආදරෙයි"
ඇය මගේ උරහිසට බර දී සුරත අල්ලාගත්තාය ...
"ඔයා ---- අයියා එක්ක යනව එනවට තාත්ත කැමති නෑ. තාත්ත ඔයාව කාට දෙන්න බලගෙන ඉන්නවද දන්නෙ නෑ.. මම කොච්චර කැමති උනත් තාත්ත අකමැති උනොත් මට කරන්න දෙයක් නෑ.."
“අවුරුදු එකහමාරකට පස්සෙ ඇයි එයා අකමැති ?”
"ඒත් තාත්ත අකැමති උනොත් කරන්න දෙයක් නෑ අයියෙ.."
ඇය එසේ කිව්වෙ මගෙ සුරත අත හරිමිනි.
මොහොතක් නිරුත්තරව බොඳ වී යන රොටරි මාවත දෙස බලා සිටියෙමි..
"ඔයා අඬනවද?"
පපුව තුල කැකෑරී ආ දුම් උගුරක් කියාගෙන ගියේ "මොඩයො සිගරට් වලට උඹේ ඔය ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ?"
ලියා එව්වේ - සටපික්වලයා
Subscribe to:
Posts (Atom)