හීන...
දැන් ඒවත් මාත් එක්ක විහිලු කරනවා. මාවත් විහිලුවකට අරන්. වෙලාවකට හිතෙනවා මේ නිදාගෙන ඉන්නේ වෙන මොකෙක් හරි එකෙක්ද කියල.
මුන් ඔක්කොම මට විරුද්දව පෙළ ගැහිලද කොහෙද. ඉරිසියාකාර යක්කු. මුන් මට විරුද්දව දර්ශන පෙන්නනවා. මුන් හදන්නේ මගේ මානසික මට්ටම වට්ටලා මට ප්‍රහාර දියත් කරන්න. ඒවා කොහෙද මාත් එක්ක.
මට ලබා ගන්න බැරි දේවල් මට පෙන්නලා තව තව මාව වට්ටන්න හදන්නේ. මම දැන් ඕවට අහුවෙන්නේ නෑ. එත්, ඒවා දකිද්දී, ඒ කාලේ, මම ඒ දවස් වල, කොච්චර සුන්දරද?
හනේ බලන්න අර අපි, හරි සතුටින්, අර අර ඈත අත් අල්ලගෙන, ලැජ්ජයිත් එක්ක...
හීන හීන......
කාලකන්නි මදුරුවා. ඒ ලස්සන හීනේ කෑවා..
දැන් නිදාගන්නැතුව ඉන්නද?
ලියා එව්වේ - අමින්ද ඉෂාර (http//wikarapituwa.blogspot.com)
Showing posts with label අපි දෙන්නා. Show all posts
Showing posts with label අපි දෙන්නා. Show all posts
Wednesday, April 11, 2012
Thursday, January 20, 2011
ඇය වෙත සෙනෙහසින්..
දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..
Subscribe to:
Posts (Atom)