Tuesday, January 11, 2011

ප්‍රතිඵල !!!

"රිසල්ට් අවුට් වෙලා. බැලුවද..?"

"හ්ම්ම්ම්... S 3 විතරයි අම්මා..."

"මොනවද ළමයෝ කරලා තියෙන්නේ. අවුරුදු 13 ස්කෝලේ ගිහින් ඕකද ගත්ත ප්‍රතිඵලේ..."

"මම දන්නෑ අම්මා... මම පුලුවන්තරම් හොඳට විභාගෙ ලිව්වා. අපි රීකරෙක්ෂන්...."

අම්ම ෆෝන් එක cut කළා... ප්‍රතිඵල ගැන අම්මා හොඳටම අප්සෙට්... මටත් හොඳටම දුකයි... ටිකක් පිස්සු නැටුවා තමා. ඒත් මම පුලුවන්තරම් විභාගෙට මහන්සි උනා. ඒවුනාට ඒක මදි වෙන්නැති. මහන්සි වුන තරමටවත් ප්‍රතිඵල ආවනම් ටිකක් හරි සැනසීමෙන් ඉන්න තිබ්බා. අම්මා මං ගැන ගොඩාක් බලපොරොත්තු තියං ඉඳියා කියලා මම ඇත්තටම දැනගත්තෙ result out වුන දවසේ. දැං ඉතින් ඒක ගැන හිතලා මොනවා කරන්නද... මට සමාවෙන්න අම්මේ.. ඉස්සරහටවත් මම අම්මාගේ බලපොරොත්තු නොකැඩෙන විදියට වැඩ කරන්නම්...


ලියා එව්වේ - සජිත් රූපසිංහ

7 comments:

  1. හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවා ඉහල සමාර්ථ ලබනවනම්. ඒගොල්ලන්ගේ කැපවීමේ සහ මහන්සියේ ප්‍රථිඵල ලබා ගන්න පුළුවන්නම්. ඒත් විභාග කියන්නෙ ජීවිතයේ හැම දේමත් නෙමෙයි. ජීවිතයේ තව මහ ගොඩක් කඩ ඉම් තියෙනවා ඉස්සරහට. මහන්සි උනොත් තමයි ඒ හැම කඩ ඉමක්ම දිනන්න පුළුවන් වෙන්නෙ. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ මහන්සි නොවුනොතින්නම්.

    ReplyDelete
  2. විභාගෙ කියන්නෙ ජීවිතේ නෙමේ,ජීවිතේ කියන්නෙ විභාගෙත් නෙමේ.
    විභාග පාස් නොකරපු හොද ජීවිතගත ක‍රනඅය කොච්චරනම් ඉන්නවද?

    ඒත් අම්ම අප්පච්චිල ලමයින් වෙනුවෙන් කොච්චරනම් මහන්සි වෙන්වද? ලමයින්ගෙ යුතුකම,පුලුවන් උපරිමෙන් ඒ බලාපොරොත්තු ඉටුකරලා එයාල සන්තොස කරන එක.

    ReplyDelete
  3. මචන්..ඔබ දැන් කිව්ව මෙන්න මේ ටික හොදට හිතේ තියාගෙන වැඩ කරහන්.

    "ඉස්සරහටවත් මම අම්මාගේ බලපොරොත්තු නොකැඩෙන විදියට වැඩ කරන්නම්..."

    මම මේ කියන්නේ නිකන් නෙවේ.අත්දැකීම්ද සහිතවයි......!

    ReplyDelete
  4. අම්මල තාත්තල නම් අනිවා දරුවෙක්ගෙන් ඕක බලාපොරොත්තු වෙනවා. ඒක දරුවගෙ පැත්තෙන් අසාධාරණයි එක අතකට. මොකද සමහර වෙලාවට දෙමව්පියෝ දරුවට දරන්න බැරි දේවල් හිතාගෙන ඉන්නවා. අන්තිමේ ළමයට ඒකත් නෑ මේකත් නැති වෙන වෙලාවල් සෑහෙන්න අපේ අවටින් පේනවා... උඹට එහෙම වෙන් එකක් නෑ නේද? දැන් හිතට අරගෙනනේ ඉන්නේ... :D

    ReplyDelete
  5. විභාගෙ කියන්නෙ ජීවිතේ නෙමේ,ජීවිතේ කියන්නෙ විභාගෙත් නෙමේ.
    විභාග පාස් නොකරපු හොද ජීවිතගත ක‍රනඅය කොච්චරනම් ඉන්නවද?

    අනිවා !

    ReplyDelete
  6. සජිත් රුපසිංහ.January 12, 2011 at 12:49 PM

    අනිවා... ඉදිරි වැඩකටයුතු පුළුවන් උපරිම හොඳට කරනවා.... සියළුම ප්රතිචාරවලට බොහෝම ස්තුතියි....

    ReplyDelete
  7. ජීවිතේ ඔහොම තමයි සජිත්. අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නෑ. ඒ වගේම අපි වටේ ඉන්න හැම කෙනෙක්ම හැම වෙලේම සතුටු කරන්නත් අපිට බෑ. එක තේරුම් ගන්න අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...