Showing posts with label පීටර්. Show all posts
Showing posts with label පීටර්. Show all posts

Monday, February 28, 2011

පීටර් පිස්සෙකි

පීටර් පිස්සෙකි..
විනාඩියකට පමණක සැරය විකාරරූපිව ගැස්සෙන වමත නිසා පීටර් පිස්සෙක් බවට මම පොඩිකාලේ අනුමාන කලෙමි.
පීටර්ට හිටියේ පීටර්ම විතරක්ද නැත්නම් පීටර්වත් නැද්ද කියා මම නොදනිමි.
පීටර් පිස්සෙක් යැයි ඇය කියූ විට මම එය විස්වාස කලෙමි.
පීටර් නිදාගන්නේ ඔරලෝසු කණුව යටය.
එසේ නිදාගන්නට මමත් කැමතිය.
ඒත් පීටරුත් එතන නිදාගන්න නිසා මම එතන නිදාගන්නට නොයමි.
පීටර්ගේ ඇඳුම් පැළඳුම් හිඟන්නෙකුගේ මෙනි. එනිසා පීටර් හිඟන්නෙක් වන්නට ඇත.
ඒත් පීටර් හිඟාකනවා මම තාමත් දැක නැත.
ලෙඩුන් නොමැති වෙලාවල මම පීටර්ට හොරෙන් පීටර් දෙස බලා සිටිමි.
මාසයකට පසුව පීටර් ඩිස්පෙන්සරිය ඉදිරිපිට වැටී සිටියේය.
පීටර්ව වල දැම්මේ මිනිය කුණුවන්නට පෙරය.
දාන දෙන්නට එකෙකු නැත,
පීටර් පිස්සෙකි.

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...