ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා.
ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.
දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.
ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ...
දැන් මම දන්නව ආදරේ තර්කයට අහු නොවෙන දේවල් ගොඩක් අතර තව එකක් කියල.
ඒක හැමෝටම වලංගු විදියට විග්‍රහ කරන්න බෑ...
දැන් මම දන්නව ආදරේ ශක්තිමත් වෙන්න ගැලපීම් වගේම නොගැලපීම් එක්ක අපි තනි තනිව අරන් නොසලකන ගොඩක් දේවල් අවශ්‍යයි කියල.
ඉතින් මේ මෝඩයට ආදරේ කරන්න.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)
Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Friday, February 14, 2014
Wednesday, February 5, 2014
නිර්වාණයේ දොරකඩ හිඳිමි
බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.
බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.
ලියා එව්වේ - ම (http://magemaranaya.blogspot.com)
Friday, March 22, 2013
ආදරයද මේ.....
සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ....
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා.....
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......
මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....
ඒ මොකටද.....
අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....
එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....
ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......
ලියා එව්වේ - නිෂාන්

Wednesday, August 8, 2012
ඔයා.....
ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.
1.හැම කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?
2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?
අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ වගේ කෙනෙකුගේ හිත නපුරුකම් කරලා රිද්දන්න එපා. සමහර විට ඔයාව දාලා යන්නත් ඉඩ තියෙනවා. එදාට ඔයාට නැති වෙනනේ මේ ලෝකේ ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනා වෙන්න පුලුවන්. මතක තියා ගන්න අවංක ආදරයක් ලෝකේ හොයා ගන්න අමාරුයි කියලා
ලියා එව්වේ - මුතූ

Friday, July 6, 2012
ප්‍රථම ප්‍රේමයෙන් පසු
ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ
ආදරය ගෙල වැලලාගෙනද
රෝමියෝ ජූලියට් මැරුනට
කතා පොතේ හැටියට
අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය
දෙවනි ප්‍රේමයතුල
පලවැනි ආදරය සොයා යන මුත්
නොලැබෙනා ආදරය තුල
කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....
ගලා යන කදුලැලි
ප්‍රථම ආදරයට මිස
නොමැති බව දන්නේද
දෙවැනි ආදරයට ඉඩක්...
කියන විට අවැසි බව නිවසක්
පැද යන්න රෝද හතරක වාහනයක්...
අමතක කර දමා හැර යනු මිස
මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...
ගෙදරින් ගෙනෙන කටයුත්තක
නිහඩවම සිට රකිමින් මුනිවත
රැගෙන ඇය තුරුලට
විදින්නට සිතනු හැර මතක් වේවිද
සාලිය අශෝකමාලා දෙදෙනත්.......
ඇයගේ දෙමවුපියනුත්
පතයි නිවසක් සමගින් ආදරයක්
නොලැබෙනා විට එවන් මිනිසෙක්
ඇයට දෙයි පත්තරේකින් කොටසක්
ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Friday, June 22, 2012
ඔයාගෙ ආදර ජීවිතේ සම්පූර්ණද?
ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්. ආදරේ කියන්නෙ ඊටත් වඩා අරුම පුදුම දෙයක්.
ආදරේට බ්‍රේක් නෑ වගේම ජීවිතේට රිවස් නෑ.
ඒත් මේ ආදරේටත් රිවස් නෑ නේද කියල මට වෙලාවකට හිතෙනව.
මෙහෙමත් කියනවනෙ ජීවිතේකට ආදරයක් එකතු වුනොත් ඒ ජීවිතේ සම්පූර්ණයිලු.
ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ එතන හැමවෙලේම සතුට විතරක්ම තිබුනොත් විතරයි කියලයි මගේ හිතනම් කියන්නෙ.
ඒත් ආදරේ කියන්නෙ හැම මොහොතෙම සතුට විතරක්ම තියෙන දෙයක් නෙවෙයිනෙ.
අනිවාර්යෙන් කොයි මොහොතක හරි දුක කියන අපි අකමැතිම දේත් ඒකට එකතු වෙනව.
ඒ වෙලාවට කල්පනාවෙන් වැඩ කලොත් සතුට වගේම හිතේ සතුටින් දුකත් භාර ගත්තොත් අන්න එයාගෙ ජීවිතේනම් සම්පූර්ණවේවි.
කන්දක් නැග්ගනම් පල්ලමකුත් තියනවනෙ කියල හිතුවනම් හරි.
මේ මට හිතුන හැටි!
ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot. com/)
ආදරේට බ්‍රේක් නෑ වගේම ජීවිතේට රිවස් නෑ.
ඒත් මේ ආදරේටත් රිවස් නෑ නේද කියල මට වෙලාවකට හිතෙනව.
මෙහෙමත් කියනවනෙ ජීවිතේකට ආදරයක් එකතු වුනොත් ඒ ජීවිතේ සම්පූර්ණයිලු.
ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ එතන හැමවෙලේම සතුට විතරක්ම තිබුනොත් විතරයි කියලයි මගේ හිතනම් කියන්නෙ.
ඒත් ආදරේ කියන්නෙ හැම මොහොතෙම සතුට විතරක්ම තියෙන දෙයක් නෙවෙයිනෙ.
අනිවාර්යෙන් කොයි මොහොතක හරි දුක කියන අපි අකමැතිම දේත් ඒකට එකතු වෙනව.
ඒ වෙලාවට කල්පනාවෙන් වැඩ කලොත් සතුට වගේම හිතේ සතුටින් දුකත් භාර ගත්තොත් අන්න එයාගෙ ජීවිතේනම් සම්පූර්ණවේවි.
කන්දක් නැග්ගනම් පල්ලමකුත් තියනවනෙ කියල හිතුවනම් හරි.
මේ මට හිතුන හැටි!
ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.
Monday, June 11, 2012
තාත්තාගේ ලව් ස්ටෝරිය
ගුණසේන අපේ තාත්තා. හැටගණන්වල කොළඹ වැඩකරද්දි යාළුවො එක්ක කළේ පත්තරවල මිතුරු හමුවෙන් කෙල්ලො සෙට් කරගන්න එක.
ඔන්න ඔහොම ගුණසේනට ගාල්ලෙ කෙල්ලක් සෙට්වුණා. මාස කීපයක් තිස්සෙ ලියුම්වලින්ම වැඩේ තිතට ගිහින් කාලෙකදි දෙන්නට හම්බවෙන්න හිතෙනවා.
ගාල්ලෙ ස්ටේෂන් එකේදි හමුබවෙමු කියලා දින වෙලාවලුත් එක්ක කලින් කතාවෙනවා. ගුණසේන කියන්නෙ එයා ගාලු එන්නෙ යාළුවෙක් එක්ක කියලයි.
කතා කරගන්න දවසෙ තමන් එක්ක යන්න හිටපු යාළුවට හදිසි රාජකාරියක් වැටෙන නිසා ගුණසේන තනියම ගාල්ලට එනවා. ස්ටේෂන් එකේ කතාකරගත්තු තැන කියපු විධියෙ ඇඳුමක් ඇඳගෙන කෙල්ලක් ඉන්නවා.
“ඔයා මල්ලිකාද?”
“ආනේ ඔව්.. ඔයාද ගුණසේන?”
කෙල්ල හිනාවෙනවා... හප්පා... දත් ටික අප්සෙට්!
ගුණසේනටත් අප්සෙට්!
“අනේ නෑ... ගුණේට හදිසි වැඩක් තිබිල එන්න බැරි වුණා.”
Friday, April 27, 2012
කොල්ලො අඩන්නෙ නෑ
මේකෙ කිසි විද්‍යාවක් නම් නෑ..
හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ..
අහන අහන හැම එකාම කියන්නෙ ...
"කොල්ලො අඩන්නෙ නෑ"
"නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා"
"කොල්ලෙක් උනාම සංවේදී වෙන්න හොඳ නෑ බන්.."
"ඔහොම ඉකි ගගහ අඬන්න ලැජ්ජ නැද්ද මිනිහො කොල්ලෙක් වෙලා"
"අපිටත් එක්ක ලැජ්ජයි.."
බම්බුව තමයි...
ඇයි යකෝ, කොහෙද මොන පොතේද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් රඳා පවතිනව කියල??? කොල්ලෙක් ඇඬුව කියල මොකක්ද වෙන්නෙ? ඇයි කොල්ලන්ට අඬන්න හොද නැද්ද??? සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්.
මේව ලියනකොටත් ඇඬෙනව තනි ඇහැට..
හා හා කොල්ලො අඬන්නෙ නෑ..
ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Monday, April 23, 2012
වර්චුවල් ආදරය
ISP සර්වර්ය හරහා අවකාශයට මුසු වෙලා, HSPDA තාක්ෂණයෙන් මගේ නෙත් ඉස්සරහට වැටුනු යුනිඛේත ගොන්නක එක බින්දුව අතරින් තෝරලා බේරලා ගත්ත ඔය හිතේ ලස්සන, මගේ හීන ලෝකේ සරසපු මොහොතේ ඉඳන් කොයිතරම්නම් උත්සහ කලාද loophole එකකින් ගිහින් ඔය හිත Hack කරන්න.
ඒත් කවදාවත් මට බැරි උනා ඔයාගේ Encoding system එක තේරුම් ගන්න. ඔයා හැම වෙලාවේම පාවිච්චි කලේ Asymmetric Private Key එකක්, ඒක ඔයාගේ Style එකට හැමවෙලාවේම වෙනස් උනා.
මගේ හිත හැම වෙලාවේම Plane text එකක් උනත් ඔයාගේ හැම වචනයක්ම Encoded. ඒ වචන Decode කරගන්න බැරි නිසාම මම ඒවා අනුමාන කලා. අන්තිමේ ඉගෙන ගත්ත එකම පාඩමක්, ඔයා වගේම ඔයාගේ අදරෙත් වර්චුවල් කියන එක.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, April 16, 2012
ආදරේ බිඳුණාම
වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...
---------------------------------------------
මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?
ඒක නැවැත්තුවා බං.
(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)
එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට.
ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ නැත්තේ? එයාගේ වැරැද්දක් නිසා මම අෆෙයා එක නවත්තපු ඇත්ත. එහෙමයි කියලා මම එයාගේ පෞද්ගලික දේවල් එක එක අයට කිය කියා ගියාම හරිද මචං? තරහා වෙන්න එපා බං උඹ එයාගේ නම්බර් එක එයාගෙන්ම ඉල්ලගනිං.
(ඌ ඕෆ්ලයින් ගියා)
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, April 2, 2012
ආදරේ හැටි
වෙනද වගේම අදත් ඔයාව හම්බ වෙන්න ආවේ ගොඩක් ආදරේ හිතේ තියාගෙන. තවමත් මගේ කියල අයිතියක් නැති, නමක් නැති, බැඳීමක්, ඔයාට දැනෙන්නේ නැති උනත් ඔයාගේ හිතුවක්කාර කොළු වැඩවලට නොවෙනස්ව ආදරේ කරන නිසාම වෙන්න ඇති මේ තරම් දුක.
වෙනද වගේම මේ ගන්ගරමේ ඒ බංකුව උඩ ඔය උරහිසට ඔලුව තියාගෙන ඔය තොල් වල උණුහුමට නළලත රේඛා මැවෙන මේ සුන්දර ඉර ගිලෙන හැටි ඔහේ බලන ඉන්න අපි වෙනස් නේද? මං තව ටිකක් ළං උනේ ඔයාට ආදරේ කිව්වට තේරෙන්නේ නැති හින්ද.
ඔව් ලස්සන බබාලා වටේම යනවා. ඔයා ඒ දිහා බලනවා දැක්කම මට හිනාත් යනවා. මේ කොල්ල හැදෙන්නේ නැහැ හදන්නත් බැහැ.
මේ ආදරේ හැටි වෙන්න ඇති.
ලියා එව්වේ - අංජු

Wednesday, March 14, 2012
එහෙම කිව්වා!!
“මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.
“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා
“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා
“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් කරලා. ඊයෙත් දිලාන් ක්ලාස් කට් කලා අදත් කට් කලා ” වෙනුරිගේ මිතුරියන් එහෙම කිව්වා.
“ඇයි දිලාන් තෑගි දෙන්න ඔනි...? ” මම ඇහුවා
“ඇයි මිස් දන්නේ නැද්ද දැන් අවුරුදු ගානක් වෙනවා මේ දෙන්නාගේ Affair එකට” හැමෝම එහෙම කිව්වා

Wednesday, February 22, 2012
ලොකු ලයින්..
මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.
තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.
මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...
ඒත්,
උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, එහෙම නැත්තං "උඹ කරල තියෙන්නෙ මහ බලු වැඩක්" කියල
එකෙක්වත් මාව තේරුම් ගනීද?. හයියට ලඟ ඉඳීද? දේවල් ඔය තරම් සරල වෙන්න කියල මම හිතපු වාර ගාන උඹල දන්නවද? කමක් නෑ බං චාටරේ දාපං, මට මෙහෙම හොඳයි...
ලියා එව්වේ - බූටා

Tuesday, February 14, 2012
ආදරවන්තයෝ
කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්…
කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…
පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…
මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව සිපගත්තේ ඒවනවිටත් එල්ල වෙමින් තිබූ දුසිමක් ඇස් ගැන වගේ වගක් නැතිවයි…
“ඇයි අම්මේ ඒ අන්කල්ලා දෙන්නා කිස් කලේ..?”අවට පරිසරයට අතිශය සංවේදී කුඩා දැරිය ඇසුවේ අවන්හලම නිහඬතාවයේ ගිල්වමින්…
කාන්තාව පිළිතුරු දුන්නේ මඳ නිහඬතාවයකින් පසුවයි… “ඒ දෙන්නා ආදරේ නිසයි දුවේ…”
ලියා එව්වේ - බීට්ල් http://akurublog.blogspot.com
Sunday, February 5, 2012
බොළඳ කොල්ලා
එක රටක පෙම්යුවලක් ආදරෙන් හිටියලු, දවසක
කෙල්ල කොල්ලව දාලා ගියාලු. කොල්ලා පිස්සුවෙන් කෙල්ලව හෙව්වලු.. ඒත් බැරි උනාලු.. කෙල්ල
හොඳ රස්සාවක් කරගෙන හොඳින් සතුටින් හිටියලු, හැබැයි කොල්ලා, තමන්ගේ අයට, තමන්ටම, දුක්දිදි ජීවිතේ අරමුනු අමතක කරලා.. ආදරේ කරන අයට
ගරහලා.. දලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් විඳවනවලු
ගොඩාක් පස්සේ කාලෙක... කෙල්ල හොඳ කෙනක්ව
බැඳලා සතුටින් ඉන්නවලු
කොල්ලා..
1. කාත්කවුරුත් නැතිව තනියම ඉන්න බෑ කියලා..
මූදට පනින්න ගියාලු...
2. සේරම එකතු වෙලා අංගොඩ එක්කරන් ගියාලු...
3. වෙන කෙනෙක්ව විවාහ කරනෙ, බිරිඳට දුක්
දෙනවලු.. දාලා ගිය කෙනා ගැන කිය කියා.. ගෑණු
එච්චර බොළඳ නැති නිසා.. බිරිඳ අර කොල්ලව ඩිවෝස් කරනවලු..
සමහර කොල්ලෝ ඇයි මෙච්චර බොළඳ ?
Monday, January 16, 2012
වැරදි ලියුම
ඔය ලියුං ගණ්ඩෝ..,
මම කෑගහලා කිව්වේ පත්තරේ බලන ගමන්.
ආ.. ඔයාගේ නමට ලියුමක්,
කඩලා කියවන්නකෝ මම මේ පත්තරේ බලනවා,
හහ්...!!!
මේ තියෙන්නේ කසාද බඳින්න කලින්
මුකුලු කරපු එකී තමුසෙට ලියුමක් එවලා..,
මම දැනන් හිටියා තමුසේ ඒකිව තාම අතෑරලා නෑ කියලා.
මොනවද සුනේත්‍රා මේ කියවන්නේ..,
කියවන්නේ මොනවද කියලා තමුසේට තේරෙයි
මම දික්කසාද නඩුවක් ෆයිල්කලාට පස්සේ.., මට තමුසේව ලොකු නෑ.
මගේ අයියා ලෝයර්, බාප්පා ඒඑස්පී.., තමුසේ දන්නේ නෑ..,
මේ අහන්න.., කෝ දෙන්න ඔය ලියුම..,
ඒක මොකටද.., මේ මගේ සාක්කිය
ට්‍රීං ට්‍රීං
ඒ පාර කවුද?
මම මේ ලියුම් ගේන කෙනා සර්..,
අනේ සමාවෙලා අර ලියුම දෙන්න..,
ඒක එහා ලේන් එකේ P.D.R.Pereraට
අයිති එකක්..!
Wednesday, January 4, 2012
wrong නම්බර්
"දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."
"හෙලෝ"
"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"
"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"
"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"
"මම දන්නේ කොහොමද?"
"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"
"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"
"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"
"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"
"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."
බීප්.... බීප්.... බීප්....
Friday, December 16, 2011
ඔයයි මමයි විනාඩි 1000යි!
ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා.
ඒ දවස්වල තිබුණ ලොකුම ප්‍රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක.
එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.
අන්තිමේ නිකං විනාඩි 1000ක් දෙන එකම අපට හොඳ වුණා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?
ජීවිතේ එහෙමයිලු!
ලියා එව්වේ - hare :-)
Monday, October 10, 2011
ආයෙත් අපි ආදරෙන්
මං හිතන් හිටිය වැරදී
"ඒක එහෙම නෙවෙයි"
ඔව් ඇත්තටම
එහෙම නෙවෙයි.
ඒත් සමහරවිට
ඒක දැං
මෙහෙම වුන නිසා..
සිද්ධ වෙන්නත් පුළුවන්
කොහොම වුනත්
දැං මම දන්නව
මට දැනෙනව
ඔයත් මට ආදරෙයි කියල..
සමහරවිට මටත් වඩා..
ඇත්තටම ඒ ආදරේ
මටත් වඩා වෙන්න ඇති.
මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වම
ඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙ
එහෙමම වෙන්න ඕනි..
මම වැරදියටයි හිතල තියෙන්නෙ..
සමහරවිට මමම නෙවෙයි
"අපි" වෙන්නැති
අපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇති
ඒක නිසානෙ
මෙහෙම දේවල් සිද්ධ වුනේ
ආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි
මටත් ගොඩාක් දුකයි
මොනා වුනත් අපිට අපි ඉන්නව
මට සතුටුයි
ආයෙමත් හම්බවුනානෙ..
මම ඔයාගෙමයි..
හැමදාමත්...
ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, September 21, 2011
බැඳි පෙමක අරුම
මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...
ඒත් ඔයාට
එහෙම නෙවේ.
ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.
ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.
ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".
ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.
මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.

Subscribe to:
Posts (Atom)