Showing posts with label සුබ පැතුම. Show all posts
Showing posts with label සුබ පැතුම. Show all posts

Friday, April 13, 2012

නව අවුරුදු සුබ පැතුමක්...!!

සියක් වදනින් ලොවක් සනහන
සියක් මිතුරන් කැලක් රොක්වුන
සියක් සිතිවිලි එකට රොද බැඳි
සියක් හදවත් වල සහන් සර

සියක් සිතුවිලි වදන් අමුණා
සියක් වදනින් පැතුම් පළඳා
සියක් දනහට සතුට දෙන්නට
සියක් මිතුරනි එන්න රොද බැඳ

සියක් සිතුවිලි සිතින් ඇවිලෙන
සියක් වදනට මෙලෙස එක්කොට
සියක් ලෝවැසි දනට පතනෙමු
සියක් ආයුෂ පිරේවා හෙට

සියක් පැතුමන් එකට එක්කොට
සියක් වදනින් පතන පැතුමට
සියක් සුසුමන් එකට එක්කොට
සියක් පැතුමක් පතමු මෙලෙසට

වමු හසරැල් මුවට නැංවෙන
සන්තේ මංගල දිනේ

සක් සිය සිය
තුට ඉතිරෙන
න් කැකුළු පීදෙන දිනේ

සුහද පැතුමන් සිතෙහි හැම තැන
වුන් වඩනා මල් සමේ

වේදනා කඳුලැලි තුරන් වී
වාසනා දේ හෙට දිනේ


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, January 24, 2011

නැවත උපන් යශෝදරා...

තබන තබන පය පියුමන් පිපෙනු ඇති
සිනහ නගන සොඳ මුව මල් සුවඳ ඇති
නිල් ඉඳුවර දෙනෙතත් මට අගේ ඇති
යශෝධරාවට මා හිත දැනෙනු ඇති

කළුවන් කෙස් කළඹ නිම් නැති සුළඟ වැදී
තාලෙට පැද්දේවි යස රස හැඟුම් දිදී
සිනිදු නළල සඳරැස් වැද දිදුලද්දී
මගේ දෙතොල් සිඹීවි රූ සඳ ලද්දී

රන්වන් රුසිරු රූ සිරුරඟ නලවන්නී
මගෙ සිහිනෙට හොරෙන්ම නූඹ ළංවෙන්නී
නුඹ නැතිවිට පාළුව හිත වපුරන්නී
මගේ ලෝකය සඳ එළියෙන් නාවන්නී

පුංචි හිතට ‍මගේ ආලය තේරෙන්නයි
ආයෙත් විගසින්ම මා වෙත ලංවෙන්නයි
රෝස කොපුලෙ උණුසුම මට විඳගන්නයි
මගේ සඳට කිරි පැනියෙන් උතුරන්නයි

හැමදාමත් හිතේ ලැගුම්ගත්ත... පුංචි නෙළුමක් වගේ යශෝධරාවට, සුබම සුබ උපන් දිනයක් වේවා...!


ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

Related Posts Plugin for WordPress, Blogger...